සීදූව පොලිස් වසමේ ඊරියගහළිඳ පාර ප්‍රදේශයේදී පුද්ගලයෙකු ඝාතනය කර තිබේ. පොලිසිය සඳහන් කළේ ඊයේ (12) රාත්‍රියේ තියුණු ආයුධවලින් පහර දීමෙන් බරපතල තුවාල ලැබූ මෙම පුද්ගලයා මීගමුව රෝහලට ඇතුළත් කිරීමෙන් අනතුරුව මිය ගොස් ඇති බවය.
මරණකරු අවුරදු 40ක සීදුව ඊරියගහළිඳ ප්‍රදේශයේ ම පදිංචිකරුවෙකි. ඝාතනයට හේතුව මෙතෙක් අනාවරණය වී නැත.
පලා ගිය සැකකරුවන් අත්අඩංගුවට ගැනීම සම්බන්ධයෙන් සීදූව පොලීසිය වැඩිදුර විමර්ශන සිදු කරනු ලබයි.
නිවස අසල නිරන්තරයෙන්ම ආරවුල් ඇති වන බවත්, සද්දයක් ඇසී ඒ දෙසට දිවගෙන ගිය ලොකු දුව තමන්ට කෑ ගසන හඬට එතැනට යන විට මරණකරු ලේ විලක් මැද වැටී සිටි අයුරු දුටු බවත් මරණකරුගේ මව මාධ්‍යයට පවසා තිබිණි. අවට කිසිවෙක් පෙනෙන්නට නොසිටි බවත් ඇය පැවසුවාය.