gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka

රාවණ රජුගේ දඬුමොණර 19ක් ගොඩගන්න රජය සූදානම්..

රාවණා රජු ස්ථාන 25ක සඟවා ඇතැයි කියන ගුවන් යානා 19ක් ගොඩ ගැනීමට සිවිල් ගුවන් සේවා අධිකාරියේ පර්යේෂණ අංශය සූදානම් වෙයි. දැනට සොයාගෙන ඇති මෙම ස්ථාන 25 සම්බන්ධයෙන් තොරතුරු රැසක් සිවිල් ගුවන් සේවා අධිකාරියේ පර්යේෂණ අංශය විසින් තහවුරු කරගෙන ඇති අතර මෙම ගුවන් යානා රාවණා රජු විසින් නිෂ්පාදනය කරන ලද ඒවා බවත් එම යානා රසදිය සහ වෙනත් රසායනික ද්‍රව්‍ය යොදාගෙන ගුවන් ගතකර ඇති බවත් සිදු කරනු ලැබූ පරීක්ෂණ වලදී අනාවරණය වී ඇතැයි එම අංශය කියයි.

මෙම ගුවන් යානා එකල කුරුණෑගල, වාරියපොල, සීගිරිය. දඹුල්ල, බදුල්ල, මහියංගනය, හම්බන්තොට යන පළාත්වල ගල්ගුහා තුළ සහ පොළොව අභ්‍යන්තරයේ සඟවා ඇති බවට තොරතුරු රැසක් අනාවරණය කර ගැනීමට මෙම පරීක්ෂණ අංශය සමත් වී ඇත.

මෙහිදී රාවණා රජුගේ ගුවන් යානා පාලනය කිරීම සඳහා වෙනම පුද්ගලයකු ද සිටි බවට තොරතුරු අනාවරණය කර ගැනීමට එම පරීක්ෂණ අංශය සමත් වී ඇතැයි පැවැසේ.

මේ සම්බන්ධයෙන් අදහස් දක්වමින් සිවිල් ගුවන් සේවා අධිකාරියේ පර්යේෂණ, සංවර්ධන හා සැලසුම් අංශයේ කළමනාකරු නුරංග අධිකාරි මහතා සඳහන් කළේ මෙම ගුවන් යානා සඟවා ඇති ස්ථාන පිළිබඳව නිශ්චිතවම තහවුරු කර ගැනීමට හැකියාව පවතින්නේ කාබන් පරීක්ෂණයක් මගින් පමණක් බවය.

එහෙත් ඒ සඳහා විශාල මුදලක් වැය වනු ඇති බවත් එක් කාබන් පරීක්ෂණයක් කිරීම සඳහා පමණක් රුපියල් ලක්ෂ 20කට අධික මුදලක් වැය වන බවත් එය මෙරට දී සිදු කිරීමට තරම් තාක්ෂණික හැකියාවක් නොමැති බවත් ඔහු සඳහන් කළේය.

එම කාබන් පරීක්ෂණය සිදුකිරීම සඳහා යොදාගනු ලබන තාක්ෂණය ඇත්තේ ඇමෙරිකාවේ පමණක් බවද ඔහු කීවේය.

රාවණා රජුගේ මෙම ගුවන් යානා සොයා ගැනීමේ ව්‍යාපෘතියක් 2020 වසරේදී ආරම්භ කෙරුණු නමුත් ඒ සඳහා එවකට පැවති රජය අවශ්‍ය තරම් මූල්‍ය ප්‍රතිපාදන නොදීම නිසා එම ව්‍යාපෘතිය අතරමගදී නැවැත්වීමට සිදුවී තිබේ.

-ඉන්දික ශ්‍රී අරවින්ද
Lankadeepa
gossip lanka

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka