ට්‍රම්ප්ට කටඋත්තර නැති කරමින් රුසියාවෙන් දැවැන්ත ප්‍රහාර!
අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් විසින් රුසියානු ජනාධිපති ව්ලැඩ්මීර් පුටින්ට සාමය ඇති කිරීම සඳහා ලබාදී තිබූ කාලය සීමා කරන බවට ප්‍රකාශ කිරීමෙන් පැය කිහිපයකට පසුව යුක්‍රේනයේ බන්ධනාගාරයකට රුසියානු ගුවන් ප්‍රහාරයක් එල්ල කර ඇත.
යුක්‍රේනයේ බන්ධනාගාරයකට එල්ල කළ රුසියානු ගුවන් ප්‍රහාරයෙන් පුද්ගලයින් 17 දෙනෙකු මියගොස් තවත් 42 දෙනෙකු තුවාල ලබා ඇති බව යුක්‍රේන බලධාරීන් පවසා ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කරයි.
අධි පුපුරන සුලු ගුවන් බෝම්බ හතරක් රුසියාව විසින් බන්ධනාගාරයට එල්ල කර ඇති අතර එම ප්‍රහාරයෙන් පුද්ගලයින් රැසක් තුවාල ලබා ඇති බවත් රුසියාව එම ප්‍රහාරය හිතා මතා සිදුකළ බව යුක්‍රේන ජනාධිපතිවරයා සඳහන් කරයි.
ට්‍රම්ප්ට කටඋත්තර නැති කරමින් රුසියාවෙන් දැවැන්ත ප්‍රහාර!
2025-07-30T07:50:00+05:30
Gossip Lanka Hot News






