gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka

විල්පත්තු රක්ෂි­තයේ ඉස්සන් ගොවි­පො­ළක් හදන්න ඉඩම් දුන් පවි­ත්‍රාගේ ගැස­ට් පත්‍රය ඉව­තට!

විල්පත්තු ප්‍රදේ­ශය ආශ්‍රි­තව ඇති වෙඩි­ත­ල­තිව් රක්ෂිත ප්‍රදේ­ශ­යෙන් හෙක්ට­යාර 168ක්, ඉස්සන් ගොවි­පො­ළක් ඇති කිරීම සඳහා නිද­හස් කර­මින් ඉකුත් රජය සමයේ වන­ජීවී ඇමැ­ති­ව­රිය ලෙස කට­යුතු කළ පවිත්‍රා වන්නි­ආ­රච්චි මහ­ත්මිය විසින් නිකුත් කළ ගැසට් නිවේ­ද­නය ඉවත් කර ගැනී­මට රජය තීර­ණය කර ඇතැයි නීති­ප­ති­ව­රයා ඊයේ (29) ශ්‍රේෂ්ඨා­ධි­ක­ර­ණ­යට දන්වා සිටි­යේය. 

ඒ සම්බ­න්ධ­යෙන් වන කැබි­නට් මණ්ඩල තීර­ණ­යක් මේ වන විට ගෙන ඇති බව ද දැනුම් දෙන ලදි.

එම ගැසට් නිවේ­ද­නය අභි­යෝ­ග­යට ලක් කර­මින් ගොනු කළ මූලික අයි­ති­වා­සි­කම් පෙත්සම් දෙකක් කැඳවූ අව­ස්ථා­වේදී නීති­ප­ති­ව­රයා වෙනු­වෙන් පෙනී සිටි අති­රේක සොලි­සි­ටර් ජන­රාල් විවේකා සිරි­ව­ර්ධන මහ­ත්මිය මේ බව දන්වා සිටි­යාය.

එස්. තුරෙ­යි­රාජා, යසන්ත කෝදා­ගොඩ, ප්‍රියන්ත ප්‍රනාන්දු යන මහ­ත්ව­රු­න්ගෙන් සම­න්විත ශ්‍රේෂ්ඨා­ධි­ක­රණ විනි­සුරු මඬුල්ල ඉදි­රියේ මෙය කැඳවූ අව­ස්ථා­වේදී මේ බැව් දැනුම් දෙන ලදි.

නීති­ප­ති­ව­රයා වෙනු­වෙන් එහිදී අධි­ක­ර­ණය හමුවේ පෙනී සිටි අති­රේක සොලි­සි­ටර් ජන­රාල් විවේකා සිරි­ව­ර්ධන මහ­ත්මිය සඳ­හන් කළේ මෙම ගැසට් නිවේ­ද­නය සම්බ­න්ධ­යෙන් සමා­ලෝ­ච­න­යක් කිරී­මෙන් අන­තු­රුව එය ඉවත් කර ගැනී­මට රජය තීර­ණය කර ඇති බවය.

ඒ අනුව 2024 මැයි 06 දිනැති එම ගැසට් නිවේ­ද­නය ඉවත් කිරී­මට අදා­ළව කැබි­නට් මණ්ඩල තීර­ණ­යක් ගෙන ඇති බව ද ඇය සඳ­හන් කළාය.

එහිදී පෙත්ස­ම්කාර පාර්ශ්වය වෙනු­වෙන් පෙනී සිටි ජනා­ධි­පති නීතිඥ සංජීව ජය­ව­ර්ධන මහතා සඳ­හන් කළේ ගැසට් නිවේ­ද­නය ඉවත් කිරීම සම්බ­න්ධව තමන් සතු­ටට පත්වන බවය.

එහෙත් එම ගැසට් නිවේ­ද­නය ඉවත් කරන බව, Òවන සත්ත්ව සහ වෘක්ෂ­ලතා ආඥා පනතÓ යටතේ ගැසට් මඟින් ප්‍රකා­ශ­යට පත් කළ යුතු බව ද ඒ මහතා පෙන්වා දුන්නේය.

ඒ අනුව කට­යුතු කිරී­මට එහිදී අති­රේක සොලි­සි­ටර් ජන­රා­ල්ව­රිය එහිදී එක­ඟ­ත්වය පළ කළාය.

මෙම කරුණ සම්බ­න්ධව ප්‍රග­තිය විම­සීම සඳහා ඔක්තෝ­බර් මස 10 වැනිදා පෙත්සම නැවත කැඳ­වී­මට විනි­සුරු මඬුල්ල තීර­ණය කළහ. වන­ජීවී ආර­ක්ෂක සංග­මය, පරි­සර යුක්ති කේන්ද්‍රය ඇතුළු පිරි­සක් මෙම පෙත්සම් ඉදි­රි­පත් කර තිබිණි.

එහි වග­උ­ත්ත­ර­ක­රු­වන් ලෙස හිටපු වන­ජීවී ඇමැ­ති­ව­රිය ඇතුළු පිරි­සක් නම් කර තිබිණි. විල්ප­ත්තුවේ වෙඩි­ත­ල­තිව් ජාතික රක්ෂි­ත­යෙන් හෙක්ට­යාර 168ක් ඉස්සන් වගාව සඳහා වෙන් කිරී­මට අදාළ ගැසට් නිවේ­ද­න­යක් ඉකුත් 2024 වසරේ මැයි 6 වැනිදා වන­ජීවී ඇමැ­ති­ව­රිය වූ පවිත්‍රා වන්නි­ආ­රච්චි මහ­ත්මිය ප්‍රකා­ශ­යට පත් කර තිබිණි.

එම ඉස්සන් ඇති කිරීමේ ව්‍යාපෘ­තිය නිසා එම රක්ෂි­තයේ වන විනා­ශ­යක් මෙන්ම පරි­සර පද්ධ­ති­යට හානි වන බවට පෙත්ස­ම්කාර සංවි­ධාන මඟින් පැමි­ණිලි කර තිබිණි. එබැ­වින් පෙත්සම විභා­ග­යට ගැනී­මට අව­සර දෙන ලෙස ද අදාළ ගැසට් නිවේ­ද­නය ක්‍රියා­ත්මක වීම වළ­ක්වන ලෙස පෙත්ස­ම්කාර සංවි­ධාන සිය පෙත්සම මඟින් අධි­ක­ර­ණ­යෙන් ඉල්ලා තිබිණි.

පෙත්සම් සම්බ­න්ධව මූලික කරුණු සලකා බලා පෙත්සම් විභා­ග­යට අව­සර දුන් ශ්‍රේෂ්ඨා­ධි­ක­ර­ණය අදාළ ගැසට් නිවේ­ද­නය ක්‍රියා­ත්මක වීම අත්හි­ටු­වන අතුරු තහ­නම් නියෝ­ග­යක් මීට පෙර නිකුත් කළේය.

ජනා­ධි­පති නීතිඥ සංජීව ජය­ව­ර්ධන මහතා සහ නීතිඥ ආචාර්ය රවී­න්ද්‍ර­නාත් දාබරේ, නිල්ශාන්ත සිරි­මාන්න යන මහ­ත්වරු පෙත්ස­ම්කාර පාර්ශ්ව වෙනු­වෙන් පෙනී සිටි­යහ.
gossip lanka
 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka