gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka

පොලිස් කොමිසම මූලික අයිතිවාසිකම් උල්ලංඝණය කරලා.. ශ්‍රේෂ්ඨාධිකරණයෙන් නියෝග!

ජාතික පොලිස් කොමිසම විසින් කැබිනට් තීරණයක් මගින් නිත්‍ය පොලිස් සේවයට අන්තර්ග්‍රහණය කර සිටි පොලිස් සහයක සේවා අංශයේ සේවය කළ පොලිස් නිලධාරීන් පස් දෙනෙකුට හිමිවිය යුතු උසස් වීම් ලබා නොදීමෙන් ඔවුන්ගේ මූලික අයිතිවාසිකම් උල්ලංඝණය කර ඇති බව ශ්‍රේෂ්ඨාධිකරණය තීන්දු කර ඇත.

ඒ අනුව ඔවුන්ට හිමිවිය යුතු ජ්‍යෙෂ්ඨත්වය සහ වෘත්තීය ප්‍රගතිය යථා තත්ත්වයට පත් කරන ලෙසද වගඋත්තරකරුවන්ට ශ්‍රේෂ්ඨාධිකරණයෙන් නියෝග කර ඇත.

ජ්‍යෙෂ්ඨත්වය හා කුසලතාවලට අදාළව සුදුසුකම් සපුරා තිබියදී හිමිවිය යුතු උසස් වීම් ලබා නොදීමෙන් සිය මූලික අයිතිවාසිකම් උල්ලංඝණය වී ඇති බවට තීන්දුවක් ලබාදෙන ලෙස ඉල්ලා පොලිස් සහයක සේවා අංශයේ සේවය නියුතු කාන්තා පොලිස් නිලධාරිනියක් ඇතුළු පොලිස් නිලධාරීන් පස් දෙනෙකු ඉදිරිපත් කළ මූලික අයිත්වාසිකම් පෙත්සම් පහක තීන්දුව ප්‍රකාශයට පත් කරමින් පසුගිය (25) වැනිදා ශ්‍රේෂ්ඨාධිකරණය මෙම නියෝගය නිකුත් කර ඇත.

මෙම පෙත්සම් අගවිනිසුරු මූර්දු ප්‍රනාන්දු, ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවරුන් වන ඒ.එච්.එම්.ඩී. නවාස්, කුමුදුනී වික්‍රමසිංහ යන විනිසුරු මඩුල්ල හමුවේ විභාගයට ගෙන තිබුණේය.

පෙත්සමේ වගඋත්තරකරුවන් ලෙස, පොලිස්පතිවරයා, ජාතික පොලිස් කොමිසමේ සභාපතිවරයා සහ සාමාජිකයින් ඇතුළු පිරිසක් නම්කර තිබුණේය.

සහකාර පොලිස් අධිකාරීවරුන් වන කේ. ටී. ටී. දේවප්‍රිය අබේවර්ධන, එස්. බී. පී. එම්. පී. ජී. වයි. බණ්ඩාර තාරක සෙනෙවිරත්න, පී. එම්. කේ. පී. ගුණවර්ධන හා පොලිස් අධිකාරී කේ. බී. සේනාරත්න යන මහත්ම මහත්මීන් මෙම පෙත්සම් ගොනු කර තිබිණි.
gossip lanka
 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka