gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka

කොහොමද වැඩ? හම්බන්තොට කුරුළු උයනේ කුරුල්ලෝ පෙන්නලා සුපිරි මෝටර් බයික් හංගලා!

කුරුළු උද්‍යාන ගබඩාවේ රුපියල් මිලියන 250ක් වටිනා අධි ධාරිතාවකින් යුත් යතුරුපැදි ගබඩා කිරීම සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් සැකකරුවන් දෙදෙනා ජූලි 25 දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කර තිබේ.

ඒ හම්බන්තොට මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුවය.

එමෙන්ම එම ගබඩාවේ හිමිකරුට විදේශ ගමන් තහනමක් පනවා ඇත.

නීති විරෝධීව මෙරටට ආනයනය කරන ලද යතුරුපැදි 21ක් පොලිස් භාරයට ගැනීමට මධ්‍යම අපරාධ විමර්ශන කාර්යංශයපෙරේදා (12) සමත් වීය.

වැඩබලන පොලිස්පති ප්‍රියන්ත වීරසූරිය මහතාගේ නියෝග සහ උපදෙස් මත දිවයින පුරා ක්‍රියාත්මක අපරාධ හා මත්ද්‍රව්‍ය වැටලීමේ මෙයෙුමට සමගාමීව වැඩබලන පොලිස්පතිවරයාට ලද විශේෂ තොරතුරත් මත මධ්‍යම අපරාධ විමර්ශන කාර්යංශයේ අධ්‍යක්ෂ පොලිස් අධිකාරී කමල් ආරියවංශ මහතා ඇතුළු නිලධාරීන් කණ්ඩායමක් විසින් මෙම වැටලීම සිදු කෙරුණි.

එහිදී නාගරවැව කුරුළු උයන පරිශ්‍රයේ කුරුලු ආහාර ගබඩාවේ සඟවා තිබූ මෙරටට ආනයනය කිරීමට තහනම් විදෙස් රටවල නිෂ්පාදිත යතුරුපැදි 21ක් පොලීසිය විසින් සොයා ගැනුණි.

එහිදී පොලීසිය පැවසුවේ මෙම එක් යතුරුපැදියක වටිනාකම රුපියල් කෝටි එකහමාරකට වඩා වටිනාකමින් යුතු බවය.

එමෙන්ම මෙහිදී කුරුලු උයන පරිශ්‍රයේ නීති විරෝධී ලෙස වගා කර තිබූ ගංජා පැල 04ක් සමග මෙම සත්ත්ව ගොවිපොළේ කළමනාකරු හා ගබඩා පාලකද පොලීසිය අත්අඩංගුවට ගත්තේය.
gossip lanka
 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka