ගෙදර යන්න ඔන්න මෙන්න තියා මෛත්‍රීපාලගෙන් ජනාධිපති සමාව රටින් පැන්න රෝයල් පාක් මිනීමරුවා අල්ලන්න රතු වරෙන්තු නිකුත් කරයි! දැන් කොයි ලෝකෙ ඉන්නවාද දන්නේ නෑ!
රෝයල් පාර්ක් ඝාතනය සම්බන්ධයෙන් මරණ දඩුවම නියම වී සිටින ජූඩ් ෂර්මන්ත අත්අඩංගුවට ගැනීම සදහා රතු වරෙන්තු ලබාගෙන ඇති බව නීතිපති දෙපාර්තමේන්තුව අධිකරණයට දැනුම් දී තිබේ.
මෛත්‍රීපාල සිරිසේන හිටපු ජනාධිපතිවරයා විසින් ජූඩ් ෂර්මන්ත ජනාධිපති විශේෂ සමාව යටතේ මුදා හැර තිබුණු අතර, එකී සමාව ලබා දීම නීත්‍යනුකූලව සිදු කොට නැති බව තීන්දු කළ ශ්‍රේෂ්ඨාධිකරණය, නැවත ජූඩ් ෂර්මන්ත රක්ෂිත බන්ධනාගාරගත කරන ලෙස නියෝග කළේ ය.
නමුත් ඒ වන විටත් ඔහු රටින් පිටව ඇති බව වාර්තා විය.
ඒ අනුව, විදෙස්ගතව සිටින ජූඩ් ෂර්මන්ත අත්අඩංගුවට ගෙන මෙරටට රැගෙන ඒම සදහා රතු වරෙන්තු ලබා ගැනීම අවශ්‍යව තිබුණි.
ගෙදර යන්න ඔන්න මෙන්න තියා මෛත්‍රීපාලගෙන් ජනාධිපති සමාව රටින් පැන්න රෝයල් පාක් මිනීමරුවා අල්ලන්න රතු වරෙන්තු නිකුත් කරයි! දැන් කොයි ලෝකෙ ඉන්නවාද දන්නේ නෑ!
2025-07-29T07:18:00+05:30
Gossip Lanka Hot News