දොම්පෙ ප්‍රාදේශීය සභාව නියෝජනය කරන ජාතික ජන බලවේග මන්ත්‍රීවරියක් ඉල්ලා අස්වී ඇත. හිටපු පළාත් සභා මන්ත්‍රී වරුණ රාජපක්ෂ මහතා සඳහන් කරන්නේ දිනේෂා මදුශානි රාමනායක නම් එම මන්ත්‍රීවරිය සිය ඉල්ලා අස්වීමට හේතු පැහැදිලි කරමින් ලිපියක් යොමු කර ඇති බවය.
තම දේශපාලන කටයුතු සිදු කිරීමට පක්ෂයේ සංවිධායකයා කිසිදු සහයක් ලබා නොදෙන බවත් ඔහුගේ අරමුණු හා ඔහුගේ අවශ්‍යතා පමණක් ඉටුකර ගැනීම වෙනුවෙන් කටයුතු කරන බවටද ඇය චෝදනා කර තිබූ බවද ඔහු කියා සිටී.
මේ සම්බන්ධයෙන් පක්ෂයට දැනුම් දුන්විට එම සංවිධායකයා පැරණි සාමාජිකයෙක් නිසා පක්ෂයට ඒ සම්බන්ධයෙන් කටයුතු කල නොහැකි බව දන්වා ඇති බවද ඇය සඳහන් කර තිබේ.
කොළඹදී පැවැති මාධ්‍ය හමුවක් අමතමින් ඒ මහතා මෙම අදහස් පළ කළේය.
dompe pradeshiya sabha contact number