2019 අප්‍රේල් 20 වැනිදා පාස්කු ඉරිදා බෝම්බකරු වූ අබ්දුල් ලතීෆ් මොහොමඩ් ජමීල් ටාජ් සමුද්‍ර හෝටලයට ඇතුළු වී මිනිත්තු කිහිපයක් ඇතුළත හෝටලය විසින් රාජ්‍ය බුද්ධි සේවය වෙත විද්‍යුත් තැපෑලක් මඟින් දැනුම් දී ඇති බව මහජන ආරක්‍ෂක ඇමති ආනන්ද විජේපාල පැවසීය.
බෝම්බ ප්‍රහාරයට පෙර දින මෙය සිදුව ඇති බව කී අමාත්‍යවරයා මෙලෙස දැනුම් දීමක් ලැබී තිබුණද ජමීල් ආරක්‍ෂක නිරීක්ෂණ ලැයිස්තුවේ සිටියද රාජ්‍ය බුද්ධි සේවය එම තොරතුරු සම්බන්ධයෙන් ක්‍රියා කිරීමට අපොහොසත් වී ඇති බව පැවසුවේය.
පාස්කු ඉරිදා ප්‍රහාරයෙන් 250කට අධික පිරිසකගේ ජීවිත බිලිගත් මරාගෙන මැරෙන බෝම්බකරුවන්ගෙන් එක් අයෙක් වන ජමීල්, මුලින් ටාජ් සමුද්‍ර හෝටලයට බෝම්බ ප්‍රහාරයක් එල්ල කිරීමට සැලසුම් කර තිබූ බවත් ඔහුගේ උත්සාහය අසාර්ථක වීමෙන් පසු ඔහු වෙනත් ස්ථානයකට මාරු වී ඇති බවත් වාර්තා වේ. ඔහු මියගියේ දෙහිවල ට්‍රොපිකල් ඉන් හෝටලයේ සිදුවූ පිපිරීමකිනි.
මඩකලපුව බන්ධනාගාරයේ රඳවා සිටියදී පිල්ලෙයාන් පාස්කු ප්‍රහාරය පිළිබඳ පූර්ව දැනුවත් වීමකින් සිටි බව විමර්ශනවලදී අනාවරණය වී ඇති බවත් ඇමිවරයා පැවසුවේ පාස්කු ප්‍රහාරයේ විමර්ශනවල ප්‍රගතිය පිළිබඳ අද පාර්ලිමේන්තුවේදී පැහැදිලි කරමිනි.