gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka

කෙහෙල්බද්දර පද්මේ මැලේසියාවේ දී අත් අඩංගුවට පත් වූ බව කියන ආරංචිය සැක සහිතයි!

මේ වනවිට රට තුළ ගොඩනැගි ඇති සංවිධාන්තමක අපරාධ සම්බන්ධව කියැවෙන ප්‍රධාන නමක් වු මනුදිනු පද්මසිරි පෙරේරා හෙවත් කෙහෙල්බද්දර පද්මේ සහ කොමාන්ඩෝ සලින්ත මැලේසියාවේ දී අත් අඩංගුවට පත් වී ඇති බවට ප්‍රකාශිත නිල නොවන ආරංචිමාර්ගවලින් වාර්තාවන සිද්ධිය සැක සහිත බව අනාවරණය වී ඇත.

කෙහෙල්බද්දර පද්මේ මැලේසියාවේ දී අත් අඩංගුවට පත්වී ඇති නමුත් ඔහු තවදුරටත් අත්අඩංගුවේ පසුවන්නේ ද නැද්ද යන්න සම්බන්ධ නිශ්චිතතොරතුරක් වාර්තා නොවන බව එක් පසෙකින් වාර්තාවන අතර අනෙක් පසෙන් කියැවෙන්නේ  පද්මේ අත් අඩංගුවට ගත් බවට කිසිම නිල ආරංචි මාර්ගයක් සනාථ නොකරන බවය.

පද්මේ මැලේසියාවේ සැඟවී සිට ඇත්තේ ඉතා රහසිගතව බවත් ඔහු ජීවත්වන තැන නිවැරදිවම දැනගෙන සිටි කීප දෙනා අතර හරක්කටාගේ බිරිය ද සිට ඇති බවත් වාර්තා වී ඇත.

ගම්පහ කෙහෙල්බද්දර ප්‍රදේශයේ සිටි ඔහු ඩුබායි වෙත පළා ගොස් ඇත්තේ 2022 වසරේදී සිය පියා වන නෙවිල් නැමැත්තා එම ප්‍රදේශයේම තවත් පාතාල ප්‍රබලයකු වූ පස් පොඩ්ඩා නැමැත්තා විසින් ඝාතනය කරනු ලැබීමෙන් පසුවය.

සිය පියා මරා දැමීමේ පලිය ගැනිමට ඔහු එරට සිට පස්පොඩ්ඩා ඝාතනය කිරීමට මෙහෙයවා ඇති බව සඳහන් වේ. රටේ ආන්දෝලනාත්ම පාතාල ඝාතනයවන කොළඹ අධිකරණයේ අධිකරණ මැදිරියක් තුළ ගණේමුලලේ සංජීව ඝාතනය මෙහෙයවනු ලැබ තිබුණේ ද කෙහෙල්බද්දර පද්මේ විසිනි.
-lankasara
gossip lanka
 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka