විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස සංස්කෘතික අමාත්‍යවරයාව සිටි වකවානුවේ මධ්‍යම සංස්කෘතික අරමුදලේ මුදල් අවභාවිතය සම්බන්ධ පරීක්ෂා කිරීම සඳහා විශ්‍රාමික මහාධිකරණ විනිසුරු ජී.එම්.ඩබ්ලිව්.ප්‍රදීප් ජයතිලකගේ සභාපතිත්වයෙන් යුත් ත්‍රිපුද්ගල කමිටුවක් පත් කිරීම පිණිස අමාත්‍ය මණ්ඩලයේ අනුමැතිය ලැබී තිබේ.
මෙම කමිටුව පත් කිරීම සඳහා මූලික තීරණය ලබා ගෙන ඇත්තේ 2025-05-17 දින පැවති මධ්‍යම සංස්කෘතික අරමුදලේ 223 වන පාලක මණ්ඩල රැස්වීමේ දී ය.
මෙම ත්‍රිපුද්ගල කමිටුව පත් කිරීම සඳහා වූ යෝජනාව අග්‍රාමාත්‍යවරිය විසින් ඉදිරිපත් කර තිබිණි. රටේ සංස්කෘතික දේපළ සුරක්ෂා කිරීම සහ සංස්කෘතික සංචාරක කර්මාන්තය ප්‍රවර්ධනය සඳහා ගොඩනගන ලද මධ්‍යම සංස්කෘතික අරමුදල ව්‍යසනයට ලක් කරමින් සජිත් ප්‍රේමදාස සංස්කෘතික ඇමතිවරයා ලෙස සිටි වකවානුවේ දී පන්සල් සහ ආගමික ස්ථානවලට අතාර්කිකව මුදල් ලබා දෙමින් ස්වකීය දේශපාලන ප්‍රතිරූපය ගොඩනගා ගැනීමට කටයුතු කළ බවට සමාජයෙන් ප්‍රබල චෝදනාවක් එල්ල වී තිබිණි.
අද කැබිනට් මාධ්‍ය ප්‍රකාශකවරයා විසින් ප්‍රකාශිත සම්පූර්ණ කැබිනට් තීරණ ප්‍රමාණය පහත දැක්වේ.
01. 2017 වර්ෂයේ සිට 2020 වර්ෂය දක්වා වන කාල සීමාව තුළ මධ්‍යම සංස්කෘතික අරමුදලේ කටයුතු සම්බන්ධයෙන් පරීක්ෂා කිරීම පිණිස ත්‍රිපුද්ගල කමිටුවක් පත් කිරීම
2017 වර්ෂයේ සිට 2020 වර්ෂය දක්වා වූ කාල සීමාවේ දී ආගමික ස්ථාන සහ විවිධ කටයුතු සඳහා මධ්‍යම සංස්කෘතික අරමුදල මඟින් මුල්‍ය සහායන් ලබා දීමේ දී විවිධ අක්‍රමිකතා සිදුව ඇති බව වාර්තා වී තිබේ. එලෙස සිදුව ඇතැයි කියන අක්‍රමිකතා සම්බන්ධයෙන් පරීක්ෂා කිරීම පිණිස කමිටුවක් පත් කිරීමට 2025-05-17 දින පැවති මධ්‍යම සංස්කෘතික අරමුදලේ 223 වන පාලක මණ්ඩල රැස්වීමේ දී තීරණය කර ඇත. ඒ අනුව, අදාළ කාර්යය සඳහා විශ්‍රාමික මහාධිකරණ විනිසුරු ජී.එම්.ඩබ්ලිව්.ප්‍රදීප් ජයතිලක මහතාගේ සභාපතිත්වයෙන් යුත් ත්‍රිපුද්ගල කමිටුවක් පත් කිරීම පිණිස ගරු අග්‍රාමාත්‍යතුමිය ඉදිරිපත් කළ යෝජනාව සඳහා අමාත්‍ය මණ්ඩලයේ අනුමැතිය ලබා දෙන ලදී.
02. සමුද්‍රීය ආරක්ෂක මෙහෙයුම් කටයුතු සිදු කිරීම සඳහා ශ්‍රී ලංකා නාවික හමුදාව වෙත අනුමැතිය ලබා දීම
ජාත්‍යන්තර සමුද්‍ර ගමනාගමනයේ යෙදෙන වෙළෙඳ නෞකාවන්ට රතු මුහුදේදී සහ ඒඩින් බොක්ක ඇතුළු සෝමාලියානු සාගර කලාපයේ දී මුහුණ දීමට සිදු වී ඇති මුහුදු කොල්ලකරුවන්ගේ ක්‍රියාකාරකම් හේතුවෙන් ජාත්‍යන්තර සමුද්‍රිය සංවිධානය විසින් එම සාගර කලාපය අධි අවදානම් කලාපයක් ලෙස 2010 වර්ෂයේ දී ප්‍රකාශයට පත් කර ඇත. එමව්‍යාපෘතියේ මෙහෙයුම් කටයුතු සිදු කිරීමේ දී ජාතික ආරක්ෂාව සම්බන්ධ පූර්ණ වගකීම ශ්‍රී ලංකා නාවික හමුදාව වෙත පවරා ඇත. එබැවින්, සමුද්‍රීය ආරක්ෂක මෙහෙයුම් කටයුතු වලට අදාළව ශ්‍රී ලංකා නාවික හමුදාව සතු දැනුම හා පළපුරුද්ද සැලකිල්ලට ගෙන, සමුද්‍රිය ආරක්ෂක මෙහෙයුම් කටයුතු ස්වාධීනව සිදු කිරීම පිණිස ශ්‍රී ලංකා නාවික හමුදාව වෙත ද අනුමැතිය ලබා දීම යෝග්‍ය බව පෙනී ගොස් තිබේ. ඒ අනුව, ආරක්ෂක අමාත්‍යාංශයේ අධීක්ෂණය යටතේ සමුද්‍රිය ආරක්ෂක මෙහෙයුම් කටයුතු ශ්‍රී ලංකා නාවික හමුදාව මඟින් සිදු කිරීම පිණිස ආරක්ෂක අමාත්‍ය වශයෙන් ගරු ජනාධිපතිතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.
03. මහා පරිමාණ සංවර්ධන ව්‍යාපෘතීන්හි 2025 වර්ෂයේ පළමු කාර්තුව අවසන් වන විට ප්‍රගතිය
රේඛීය අමාත්‍යංශ මඟින් ක්‍රියාත්මක කරනු ලබන මහා පරිමාණ සංවර්ධන ව්‍යාපෘතීන්හි 2025 වර්ෂයේ පළමු කාර්තුව අවසන් වන විට මූල්‍ය හා භෞතික ප්‍රගතිය පිළිබඳව අදාළ අමාත්‍යාංශ විසින් ඉදිරිපත් කරන ලද කාර්ය සාධන දත්ත හා තොරතුරු සමාලෝචනය කර, ව්‍යාපෘති කළමනාකරණ හා අධික්ෂණ දෙපාර්තමේන්තුව විසින් මහා පරිමාණ සංවර්ධන ව්‍යාපෘති පිළිබඳ කාර්ය සාධන වාර්තාව ඉදිරිපත් කරනු ලැබ තිබේ. එකී වාර්තාව අනුව, 2075 පළමු කාර්තුව අවසන් වන විට, අලුතින් එකතු වූ ව්‍යාපෘති 21ක් සමඟ මහා පරිමාණ සංවර්ධන ව්‍යාපෘති 205ක් ක්‍රියාත්මක වෙමින් පවතී. එසේම, 2025 වර්ෂයේ පළමු කාර්තුවට පෙර නිම කිරීමට නියමිතව තිබූ ව්‍යාපෘති 74 ද ඇතුළුව ව්‍යාපෘති 145 ක් 2025 වර්ෂයේ ද ව්‍යාපෘති 24 ක් 2026 වර්ෂයේ ද ව්‍යාපෘති 19 ක් 2027 වර්ෂයේ ද ව්‍යාපෘති 09 ක් 2028 වර්ෂයේ ද නිම කිරීමට අපේක්ෂා කරනු ලබයි. ඒ අනුව, එකී ව්‍යාපෘති ඉලක්කගත කාල සීමාවන් තුළදී නිම කිරීම සඳහා අදාළ සියලුම අමාත්‍යාංශ සහ අනෙකුත් බලධාරීන් විසින් අවශ්‍ය පියවර ගැනීම පිණිස මුදල්, ක්‍රම සම්පාදන සහ ආර්ථික සංවර්ධන අමාත්‍ය වශයෙන් ගරු ජනාධිපතිතුමා ඉදිරිපත් කළ යෝජනා අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.
04 ශ්‍රී ලංකාව සහ ඔස්ට්‍රියාව අතර ද්විත්ව බදුකරණය වැළැක්වීම සහ රාජ්‍ය මූල්‍ය පැහැර හැරීම හා මගහැරීම වැළැක්වීම සඳහා වන සම්මුතිය
ආදායම් මත සහ ප්‍රාග්ධනය මත වූ ද්විත්ව බදුකරණය වැළැක්වීම සහ බදු නොගෙවා පැහැර හැරීම හා මග හැරීම වැළැක්වීමට අවශ්‍ය නෛතික රාමුව ස්ථාපනය කිරීම මඟින් ශ්‍රී ලංකාව සහ ඔස්ට්‍රියාව අතර ආර්ථික සබඳතා පුළුල් කිරීම සඳහා දෙරට අතර සම්මුතියකට එළඹීමට යෝජනා වී තිබේ. යෝජිත සම්මුතිය මඟින් ප්‍රදානය කෙරෙන සහන හේතුවෙන් යම් ආදායමක් අහිමි විය හැකි වුවද ඊට සාපේක්ෂට විදේශ තර්ජනයන්ට පිළියමක් ලෙස අධි අවදානම් කලාපයට ඇතුළුවන වෙළෙඳ නෞකා විසින් විදේශීය පෞද්ගලික සමුද්‍රීය ආරක්ෂක සමාගම් මඟින් ගිනි අවි රැගත් සමුද්‍රීය ආරක්ෂකයන්ගේ සේවය ලබා ගනු ලබයි. 2023-01-01 වන දින සිට එම අධි අවදානම් කලාපය ඉවත් කර ඇති බව ජාත්‍යන්තර සමුද්‍රීය සංවිධානය විසින් ප්‍රකාශයට පත්කර ඇති නමුත්, වාණිජ නෞකා විසින් තවදුරටත් පෞද්ගලික සමුද්‍රීය ආරක්ෂක සමාගම්වල සේවය ලබා ගැනීමට කටයුතු කර තිබේ. එම සාගර කලාපයට ඇතුළුවන නෞකා සඳහා ගිනි අවි සහිත සමුද්‍රිය ආරක්ෂකයින් නංවා ගැනීමත්, පිටවන නෞකාවන්හි ආරක්ෂාවට යොදවා සිටි ගිනි අවි සහිත සමුද්‍රිය ආරක්ෂකයින් ගොඩ බැස්වීම සඳහාත් ප්‍රධාන වශයෙන් ගාල්ල සහ කොළඹ වරායන් යොදා ගන්නා අතර, ඇතැම් අවස්ථාවන්හි දී හම්බන්තොට සහ ත්‍රිකුණාමලය වරායන් ආශ්‍රිතව ද එවැනි සමුද්‍රීය ආරක්ෂක මෙහෙයුම් කටයුතු සිදු කරනු ලබයි. එම ආයෝජක ප්‍රවර්ධනය හා විදේශ විනිමය ඉපැයීම සැලකිය යුතු ලෙස ඉහළ යාම මත අත්කර ගත හැකි ප්‍රතිලාභ මෙරටට වාසිදායක වනු ඇත. ඒ අනුව, එකී සම්මුතියට අත්සන් තැබීම පිණිස මුදල්, ක්‍රම සම්පාදන සහ ආර්ථික සංවර්ධන අමාත්‍ය වශයෙන් ගරු ජනාධිපතිතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.
05. නැගෙනහිර බහළු පර්යන්තය කළමනා කරණය කිරීම සහ මෙහෙයුම් කිරීම සඳහා සීමිත වගකීම සහිත සමාගමක් සංස්ථාපනය කිරීම
කොළඹ දකුණු වරාය ව්‍යාපෘතිය – නැගෙනහිර බහළු පර්යන්තය සහ බටහිර බහළු පර්යන්තය සංවර්ධනය කිරීම සඳහා 2021-02-01 දින පැවති අමාත්‍ය මණ්ඩල රැස්වීමේදී අනුමැතිය ලබා දී ඇත. නැගෙනහිර බහළු පර්යන්තය මෙහෙයුම් කිරීම සහ කළමනාකරණය කිරීම සඳහා ශ්‍රී ලංකා වරාය අධිකාරියේ පුර්ණ හිමිකම් සහිත සීමිත වගකීම් සහිත සමාගමක් සංස්ථාපනය කිරීමට ශ්‍රී ලංකා වරාය අධිකාරියේ අධ්‍යක්ෂ මණ්ඩල රැස්වීමේදී තීරණය කර තිබේ. එමඟින්, උපරිම ආර්ථික වාසි ලබා ගැනීමටත්, මෙහෙයුම් කාර්යක්ෂමතාව ළඟා කර ගැනීමටත් අනෙකුත් පෞද්ගලික පර්යන්ත මෙහෙයුම්කරුවන් සමඟ තරග කිරීමටත් හැකියාව ලැබෙනු ඇත. ඒ අනුව, ” සීමාසහිත කොළඹ නැගෙනහිර බහළු පර්යන්තය (පුද්ගලික) සමාගම ” නමින් සමාගමක් ස්ථාපිත කිරීම පිණිස ප්‍රවාහන, මහා මාර්ග, වරාය සහ සිවිල් ගුවන් සේවා අමාත්‍ය තුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.
06. කළමනා කරණය සහ මෙහෙයුම් කටයුතු සඳහා ආයෝජකයන් මඟින් සංවර්ධනය කිරීම පිණිස තානායම් පිහිටි ඉඩම් නාගරික සංවර්ධන අධිකාරිය වෙත පැවරීම
යටත් විජිත සමයේ සිට දිවයිනේ විවිධ ප්‍රදේශ වල පිහිටුවන ලද රජයට අයත් තානායම්වල දේපළ කළමනාකරණය හා පාලනය නාගරික සංවර්ධන අධිකාරිය වෙත සහ පළාත් පාලන ආයතන වෙත පැවරී ඇත. මෙම තානායම් සංචාරක ආකර්ශනීය ප්‍රදේශ තුළ පිහිටා ඇති නමුත්, දුර්වල කළමනාකරණය සහ පාලනය හේතුවෙන් ගරා වැටී අබලන් තත්ත්වයට පත්ව තිබේ. එකී තානායම් වත්මන් ආර්ථික පරිසරයට ගැලපෙන පරිදි සංවර්ධනය කිරීම මඟින් මහජනතාවට වඩාත් ලාභදායී සහ ගුණාත්මක සේවාවක් සැපයීමටත්, ආදායම් ඉපයීමේ මාර්ගයක් නිර්මාණය කිරීමටත් හැකියාව ලැබෙනු ඇත. ඒ අනුව, දැනට ගරා වැටී හා අබලන් තත්ත්වයේ පවතින තානායම් පිහිටා ඇති පරිශ්‍ර 442ක් ව්‍යාපෘති යෝජනා කැඳවීම තුළින් සංවර්ධනය කිරීමට හැකි වන පරිදි රජයේ ඉඩම් ආඥා පනතේ චිධි විධානයන්ට අනුගතව නිදහස් දීමනාවක් ලෙස නාගරික සංවර්ධන අධිකාරිය වෙත පවරා ගැනීම පිණිය නාගරික සංවර්ධන, ඉදිකිරීම සහ නිවාස අමාත්‍යතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.
7. ශ්‍රී ලංකා කාසික රෝග විශේෂඥ වෛද්‍යවරුන්ගේ විද්‍යායතනය (Ceylon College of Physicians) වෙත ඉඩම් කොටසක් දීර්ඝකාලීන බදු පදනම මත ලබා දීම
රාජගිරිය, වැලිකඩ පිහිටි පර්වස් 30 ක ඉඩම් කොටසක්, රජයේ ප්‍රධාන තක්සේරුකරුගේ තක්සේරුව මත වෙළෙඳ වටිනාකමින් 0.5%ක වාර්ෂික බදු කුලියක් යටතේ 1999-05-13 වන දින සිට ක්‍රියාත්මක වන පරිදි අවුරුදු 30ක දීර්ඝකාලීන බදු පදනම මත ශ්‍රී ලංකා කායික රෝග විශේෂඥ වෛද්‍යවරුන්ගේ විද්‍යායතනය (Ceylon College of Physicians) වෙත ලබා දී ඇත. එකී බදු කාල සීමාව 2029 වර්ෂයේදී අවසන් වීමට නියමිතව තිබේ. එම ඉඩම් තුළ ඉදිකර ඇති දැනට අබලන් තත්ත්වයේ පවතින එම ආයතනයේ ප්‍රධාන කාර්යාලය සැලකිය යුතු ආයෝජනයක් සිදු කර ප්‍රතිසංස්කරණය කිරීමට හැකි වන පරිදි නැවතත් දීර්ඝ කාල සීමාවකට බදු පදනම මත ලබා ගැනීමට එම විද්‍යායතනය විසින් ඉල්ලීමක් ඉදිරිපත් කර ඇත. 2021-06 24 දින පැවති අමාත්‍ය මණ්ඩල රැස්වීමේදී රජයේ ප්‍රධාන තක්සේරුකරු විසින් තීරණය කරනු ලබන වාර්ෂික බදු කුලිය අය කර ගැනීමේ පදනම් මත වසර 50ක කාලයක් සඳහා එකී ඉඩම් කොටස නැවත බදු දීමට අනුමැතිය ලබා දී තිබේ. එහෙත්, එම විද්‍යායතනය ලාභ නොලබන හුදෙක් වෛද්‍ය විද්‍යාට පිළිබඳ දැනුම වැඩි දියුණු කිරීමෙහි ලා පර්යේෂණ ප්‍රවර්ධනය කිරීම පිණිස ස්ථාපිතකර ඇති ආයතනයක් බැවින් අධික බදු කුලියක් ගෙවීමට හැකියාවක් නොමැති බවත්, එබැවින් දැනට බලාත්මක බදු ගිවිසුමේ විධි විධාන පරිදි සහනදායී වාර්ෂික බදු කුලියක් යටතේ අදාළ ඉඩම දීර්ඝ කාලීන බදු පදනම් මත ලබා දෙන ලෙසත් ඉල්ලීමක් ඉදිරිපත් කර ඇත. ඒ අනුව, දැනට බලාත්මක ගිවිසුමේ විධිවිධාන මත පදනම්ව අදාළ ඉඩම් කොටස වසර 50 ක කාලසීමාවකට ශ්‍රී ලංකා කායික රෝග විශේෂඥ වෛද්‍යවරුන්ගේ විද්‍යායතනය වෙත ලබා දීම පිණිස නාගරික සංවර්ධන, ඉදිකිරීම සහ නිවාස අමාත්‍යතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමතකරන ලදී.
08. ශ්‍රී ලංකාව හා මාලදිවයින අතර සාපරාධි කාරණාවල දී අන්‍යෝන්‍ය නෛතික සහයෝගිතාව පිළිබඳ ගිවිසුම
සාපරාධී කාරණාවල දී අන්‍යෝන්‍ය නෛතික සහයෝගිතාව සම්බන්ධ ගිවිසුමක් ශ්‍රී ලංකාව සහ මාලදිවයින අතර නොමැති වීම හේතුවෙන් ඒකාබද්ධ විමර්ශන කටයුතුවල නියැලීමේදී දුෂ්කරකා රැසකට මුහුණ පෑමට සිදුව ඇත. එබැවින්, ඒ සඳහා දෙරට අතර ගිවිසුමකට එළඹීම සඳහා 2022-09-22 දින පැවති අමාත්‍ය මණ්ඩල රැස්වීමේදී අනුමැතිය ලබා දී ඇති නමුත්, මෙතෙක් අදාළ ගිවිසුමට අත්සන් තබා නොමැත. යෝජිත කෙටුම්පත් ගිවිසුම සඳහා මාලදිවයින් රජයේ එකඟතාව පළ කර ඇති අතර, නීතිපතිගේ නිෂ්කාශනය ද ලැබී තිබේ. ඒ අනුව, දෙපාර්ශ්වය අතර සාපරාධි කාරණාවල දී අන්‍යෝන්‍ය නෛතික සහයෝගිතාව පිළිබඳ ගිවිසුමට අත්සන් තැබීම පිණිස අධිකරණ සහ ජාතික ඒකාබද්ධතා අමාත්‍යතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.
09. රාජකීය කැනේඩියානු අශ්වාරෝහක පොලීසිය සහ ශ්‍රී ලංකා පොලිසිය අතර අවබෝධතා ගිවිසුමකට එළඹීම
රාජකීය කැනේඩියානු අශ්වාරෝහක පොලිසිය සහ ශ්‍රී ලංකා පොලිසිය අතර සහයෝගිතාව වර්ධනය කිරීම සඳහා අවබෝධතා ගිවිසුමකට අත්සන් තැබීමට දෙපාර්ශ්වය විසින් එකඟතාවකට පැමිණ තිබේ. එමඟින්, ජාත්‍යන්තර සංවිධානාත්මක අපරාධ වැළැක්වීම, සැකකරුවන් හා අපරාධ පිළිබඳ තොරතුරු හුව මාරුව, ඒකාබද්ධ මෙහෙයුම් සහ තාක්ෂණික සහයෝගය ලබා ගැනීම අපේක්ෂා කරනු ලබයි. යෝජිත අවබෝධතා ගිවිසුම සඳහා විදේශ කටයුතු, විදේශ රැකියා සහ සංචාරක අමාත්‍යාංශය එකඟතාව පළ කර තිබේ. ඒ අනුව, දෙපාර්ශ්වය අතර එකී අවබෝධතා ගිවිසුමට එළඹීම පිණිස මහජන ආරක්ෂක සහ පාර්ලිමේන්තු කටයුතු අමාත්‍යතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.
10 ශ්‍රී ලාංකීය තාරුණ්‍යයේ අනාගත අභිවෘද්ධිය පිණිස ඒකාබද්ධ වැඩ පිළිවෙළක් ක්‍රියාත්මක කිරීම
ශ්‍රී ලංකාවේ තරුණ සංවර්ධනය සම්බන්ධ ප්‍රතිපත්ති, උපාය මාර්ග හා වැඩසටහන් සකස් කිරීම, අධීක්ෂණය සහ ඇගයීම් සම්බන්ධ වගකීම තරුණ කටයුතු සහ ක්‍රීඩා අමාත්‍යාංශය වෙත පැවරී ඇත. එම අමාත්‍යාංශය යටතේ ඇති ජාතික තරුණ සේවා සභාව, යොවුන් සේනාංකය සහ ඇඹිලිපිටිය නායකත්ව සංවර්ධන ජාතික මධ්‍යස්ථානය යන ආයතන මඟින් නායකත්ව සංවර්ධනය, කුසලතා පුහුණුව සහ වෘත්තීය අධ්‍යාපනය තුළින් තරුණ ප්‍රජාව සවිබල ගැන්වීමට කටයුතු කරනු ලබයි. වෘත්තීය අධ්‍යාපනය ලබන එකී තරුණ ප්‍රජාවගේ ජීවන සහ ආර්ථික තත්ත්වය උසස් කිරීම පිණිස මැදිහත් වීමේ විභවය සහිත රාජ්‍ය ආයතන අතර ඒකාබද්ධ සහ සහයෝගී ප්‍රවේශයක් පැවතීම අත්‍යවශ්‍ය බව පෙනී ගොස් තිබේ. ඒ අනුව, තරුණ කටයුතු සහ ක්‍රීඩා අමාත්‍යාංශය, අධ්‍යාපන, උසස් අධ්‍යාපන සහ වෘත්තීය අධ්‍යාපන අමාත්‍යාංශය, විදේශ කටයුතු, විදේශ රැකියා සහ සංචාරක අමාත්‍යාංශය, සහ ඩිජිටල් ආර්ථික අමාත්‍යාංශය විසින් ඒකාබද්ධ වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කිරීමටත්, එකී වැඩපිළිවෙළ ක්‍රියාත්මක කිරීම සඳහා අමාත්‍ය කමිටුවක් පත් කිරීමටත් තරුණ කටයුතු සහ ක්‍රීඩා අමාත්‍යතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී
11.”Clean Sri Lanka – 2025″ වැඩසටහන යටතේ බස්නාහිර පළාත තුළ ඇති ජලාශ සහ ජල මාර්ග නිසි ලෙස හා පිරිසිදුව නඩත්තු කිරීමේ ව්‍යාපෘතිය
කිසිදු රාජ්‍ය ආයතනයක් මඟින් නඩත්තු කටයුතු සිදු නොකරනු ලබන ඇළ මාර්ග බොහොමයක් කොළඹ උතුර හා කොළඹ නගරය ආශ්‍රිත ජනාකීර්ණ ප්‍රදේශ වල පිහිටා තිබේ. එබැවින්, එලෙස නඩත්තු කටයුතු සිදු නොවන ද්වීතීයික ඇළ මාර්ග පිරිසිදු කිරීමට හා නඩත්තු කිරීමට මෙන් ම කොළඹ නගරය ආශ්‍රිත ප්‍රධාන ඇළ මාර්ගයන්හි පිරිසිදු කිරීමේ වාර ගණන වැඩි කිරීම සඳහා “Clean Sri Lanka” වැඩසටහන යටතේ ව්‍යාපෘතියක් ක්‍රියාත්මක කිරීමට සැලසුම් කර තිබේ. ඒ අනුව, “Clean Sri Lanka” වැඩසටහන යටතේ පහත සඳහන් අරමුණු සහිතව, ශ්‍රී ලංකා ඉඩර්ම සංවර්ධනය කිරීමේ සංස්ථාව මඟින් යෝජිත ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීම පිණිස නාගරික සංවර්ධන, ඉදිකිරීම් සහ නිවාස අමාත්‍යතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී:
වැසි ජලයෙන් කොළඹ නගරය යට වීම පාලනය කිරීම හා එමඟින් මහ ජනතාව පීඩාවට පත් වීම අවම කිරීම.
පිරිසිදු, ප්‍රසන්න හා සෞඛ්‍යාරක්ෂිත පරිසරයක් පවත්වා ගැනීම.
මහජනතාවගේ සෞඛ්‍ය හා ජීවන තත්ත්වය ඉහළ නැංවීම.
නගරය කෙරෙහි සංචාරකයන්ගේ ආකර්ෂණය වැඩි කිරීම.
අභ්‍යන්තර ජල මාර්ග හා ජල රැඳවුම් තටාකවල ජලයේ ගුණාත්මක භාවය වැඩි දියුණු කිරීම.
12. දහම් පාසල් ගුරු භවතුන් සඳහා දීමනාවක් ලබා දීම
අධ්‍යාත්මික සංවර්ධනය සඳහා සමාජය යොමු කිරීමට දහම් පාසල් අධ්‍යාපනය තුළින් මනා පිටිවහලක් ලැබේ. එබැවින්, කිසිදු පෞද්ගලික අපේක්ෂාවකින් තොරව දහම් පාසල්වල සේවය කරන ගුරුභවතුන්ගේ සේවය අඛණ්ඩව ලබා ගැනීම සඳහා දිරි ගැන්වීම සහ ඔවුන්ගේ අනන්‍යතාව ආරක්ෂා කිරීම මෙන් ම සමාජයේ යහ පැවැත්මට අත්‍යවශ්‍ය වන දහම් අධ්‍යාපනයේ අභිවෘද්ධිය පිණිස ඔවුන්ට ගුරු දීමනාව හා නිල ඇඳුම් දීමනාව ලබා දීම වඩාත් සුදුසු බව හඳුනාගෙන තිබේ. ඒ අනුව, 2026 වර්ෂයේ සිට ඉදිරියට බෞද්ධ, හින්දු, ඉස්ලාම්, ක්‍රිස්තියානි හා කතෝලික ආගම්වලට අයත් ලියාපදිංචි දහම් පාසල්වල එක් වසරක අඛණ්ඩ සේවා කාලයක් සම්පූර්ණ කරන ලද ගුරු භවතුන්ට ගුරු දීමනාව හා නිල ඇඳුම් දීමනාව ඇතුළත් එක් දිමනාවක් ලෙස රුපියල් 7,500/- ක මුදලක් වර්ෂයකට එක් වතාවක් ගෙවීම පිණිස බුද්ධ ශාසන, ආගමික සහ සංස්කෘතික කටයුතු අමාත්‍යතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.
13. 1996 අංක 2 දරන ධීවර හා ජලජ සම්පත් පනත ඉවත් කර නව පනතක් හඳුන්වා දීම
1996 අංක 2 දරන ධීවර හා ජලජ සම්පත් පනත ඉවත් කර නව පනතක් හඳුන්වා දීමටත්, ඒ සඳහා සකස් කරන ලද මුලික කෙටුම්පත පරීක්ෂා කර සුදුසු සංශෝධන සහිතව මූලික කෙටුම්පතක් ඉදිරිපත් කිරීමට කමිටුවක් පත් කිරීමටත් 2024-12-30 වන දින පැවති රැස්වීමේදී අමාත්‍ය මණ්ඩල අනුමැතිය ලබා දී ඇත. ඒ අනුව, අදාළ කමිටුව විසින් යෝග්‍ය සංශෝධන ඇතුළත් කර සංශෝධිත කෙටුම්පතක් සකස් කර තිබේ. එකී සංශෝධිත මූලික කෙටුම්පත මත පදනම්ව නව පනත් කෙටුම්පතක් සකස් කරන ලෙස නීති කෙටුම්පත් සම්පාදකට උපදෙස් දීම පිණිස ධීවර, ජලජ සහ සාගර සම්පත් අමාත්‍යතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.
14. 2019 ඉදිකිරීම් කර්මාන්ත සංවර්ධන (තීරකවරයන් ලියාපදිංචි කිරීමේ) නියෝග සහ 2017 අංක 01 දරන ඉදිකිරීම් කර්මාන්ත සංවර්ධන (කොන්ත්‍රාත්කරුවන් ලියාපදිංචි කිරීමේ) නියෝග සංශෝධනය කිරීම
අංක 2113/63 හා 2019-03-08 දිනැති අති විශේෂ ගැසට් පත්‍රයේ පළ කරන ලද 2019 ඉදිකිරීම් කර්මාන්ත සංවර්ධන (තීරකවරයන් ලියාපදිංචි කිරීමේ) නියෝග සහ අංක 2057/5 2018-02-05 දිනැති අති විශේෂ ගැසට් පත්‍රයේ පළ කරන ලද 2017 අංක 1 දරන ඉදිකිරීම් කර්මාන්ත සංවර්ධන (කොන්ත්‍රාත්කරුවන් ලියාපදිංචි කිරීමේ) නියෝග සංශෝධනය කරමින්, 2014 අංක 33 දරන ඉදිකිරීම් කර්මාන්ත සංවර්ධන පන්‍යා යටතේ සාදන ලද අංක 2430/13 දරන 2025-04-01 දිනැති අති විශේෂ ගැසට් නිවේදනය මඟින් ප්‍රකාශයට පත් කරනු ලැබ ඇති පහත සඳහන් නියෝග අනුමැතිය සඳහා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීම පිණිස නාගරික සංවර්ධන, ඉදිකිරීම් සහ නිවාස අමාත්‍යතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන
* 2014 අංක 33 දරන ඉදිකිරීම් කර්මාන්ත සංවර්ධන පනතේ 52 වගන්තියේ (2) වන උපවගන්තිය සමඟ කියවිය යුතු එකී පනතේ 58 වගන්තිය යටතේ සාදන ලද නියෝග.
* 2014 අංක 33 දරන ඉදිකිරීම් කර්මාන්ත සංවර්ධන පනතේ 35 වගන්තියේ (1), (2) සහ (4) වන උපවගන්ති සමඟ කියවිය යුතු එකී පනතේ 58 වගන්තිය යටතේ සාදන ලද නියෝග.
15. 2025 අංක 1 දරන සාමදාන විනිශ්චයකාර නියෝග
1978 අංක 2 දරන අධිකරණ සංවිධාන පනතේ විධි විධාන අනුව, සමථ මණ්ඩල කොමිෂන් සභාවේ සමථකරුවන් සඳහා නිල බලයෙන් සාමදාන විනිශ්චයකාරවරයෙකු ලෙස පිළිගැනීමක් ලබා දෙන ලෙස සමථ මණ්ඩල කොමිෂන් සභාව විසින් ඉල්ලීමක් ඉදිරිපත් කර තිබේ. ඒ අනුව, සෑම සමථකරුවෙකුම ඔහුගේ ධුර කාලය තුළ අදාළ සමථ මණ්ඩල බල ප්‍රදේශය සඳහා නිල බලයෙන් සාමදාන විනිශ්චයකාරවරයෙකු ලෙස පත් කිරීම පිණිස අංක 2440/27 දරන 2025-06-13 දිනැති අති විශේෂ ගැසට් නිවේදනය මඟින් ප්‍රකාශයට පත් කරනු ලැබ ඇති 2025 අංක 1 දරන සාමදාන විනිශ්චයකාරවර නියෝග අනුමැතිය සඳහා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීම පිණිස අධිකරණ සහ ජාතික ඒකාබද්ධතා අමාත්‍යතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.
16 බසිෆේසික අයියෝෆේන් ඉන්සියුලින් එන්නක් (මිනිස්) 30% ද්‍රාව්‍ය 70% අයිසෝෆේන් වයල් මිලියන 2.2ක් සැපයීම සඳහා වූ ප්‍රසම්පාදනය
දියවැඩියා රෝගීන්ගේ ප්‍රතිකාර සඳහා භාවිත කරනු ලබන බයිෆේසික් අයිසෝෆේන් ඉන්සියුලින් එන්නත් ඖෂධයෙන් වයල් මිලියන 2.2ක් සපයා ගැනීම සඳහා සීමිත තරගකාරී ලංසු කැඳවා තිබේ. ඒ සඳහා ඉන්දියාවේ M/s M.J. Biopharma Private Limited විසින් පමණක් ලංසුවක් ඉදිරිපත් කර ඇත. ඒ අනුව, ලංසු ඇගයීමේ කමිටුවේ සහ ඉහළ මට්ටමේ ස්ථාවර ප්‍රසම්පාදන කමිටුවේ නිර්දේශ මත පදනම්ව අදාළ ප්‍රසම්පාදනය එකී සමාගම වෙත ප්‍රදානය කිරීම පිණිස සෞඛ්‍ය සහ ජනමාධ්‍ය අමාත්‍යතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.
17 සුරාබදු කොමසාරිස් ජනරාල් තනතුරට පත් කිරීම
දැනට සුරාබදු කොමසාරිස් ජනරාල් ලෙස සේවය කරනු ලබන ශ්‍රී ලංකා දේශීය ආදායම් සේවයේ විශේෂ ශ්‍රේණියේ නිලධාරි, යූ.එල්. උදය කුමාර පෙරේරා මහතා 2025-07-10 දිනට වයස අවුරුදු 60 සම්පුර්ණ වීම මත රාජ්‍ය සේවයෙන් විශ්‍රාම ගැනීමට නියමිතව ඇත. ඒ අනුව පුරප්පාඩු වන සුරාබදු කොමසාරිස් ජනරාල් තනතුර සඳහා ශ්‍රී ලංකා නාවික හමුදාවේ විශ්‍රාමික කොමදෝරු එම්. බී. එන්. ඒ.පේමරත්න මහතා පත් කිරීම පිණිස මුදල්, ක්‍රම සම්පාදන සහ ආර්ථික සංවර්ධන අමාත්‍ය වශයෙන් ගරු ජනාධිපතිතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.