gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

ආණ්ඩුවට හෙණ ඉල්ලීමෙන් පසු හරිනි, නිර්මාල්ට සැරටම අමතයි.. නිර්මාල්ගෙන් යලි වීඩියෝවක්!

අග්‍රාමාත්‍ය හරිනි අමරසූරිය මහත්මිය තමන්ට දුරකථනයෙන් ඇමැතූ බව ආචාර්ය නිර්මාල් රංජිත් දේවසිරි මහතා සඳහන් කරයි. දීර්ඝ වශයෙන් තමන්ට දුරකථනයෙන් සාකච්ඡාවක් පැවැත් වූ බවත් එහිදී තමන් නිවැරදිව කරුණු නොදැන කරුණු ඉදිරිපත් කර ඇති බවට තමන්ට ඇය චෝදනාවක් එල්ල කළ බවද ඔහු පැවසුවේය.

ඉන්පසුව ඇය ඉදිරිපත් කළ අදහස හා තමන් යළි සොයා බලන ලද කාරණාවලින් පැහැදිලි වූයේ නව අධ්‍යාපන ප්‍රතිසංස්කරවල තත්ත්වය තරමක් වෙනස් බව පෙනී ගියේ යයිද ඔහු කියා සිටියි.

ඉතිහාසය විෂය නවවැනි ශ්‍රේණිය දක්වා පැවැත්වෙන බවත් නමුත් දහය සහ එකොළොස්වැනි ශ්‍රේණි වල ව්‍යුහාත්මකව ඇතුළත් කරගන්නා ආකාරයා සම්බන්ධයෙන් යම් වෙනසක් ඇති බවද පවසන ඔහු මෙම ප්‍රතිසංස්කරණ ක්‍රියාවලිය ජාතික ජන බලවේග ආණ්ඩුව පත්වී එම ආණ්ඩුව විසින් ආරම්භ කල ක්‍රියා දාමයක් බවට තමාට නොපෙනෙන බවද හෙතෙම පෙන්වා දෙයි.

එය යම් කාලාන්තරයක් තිස්සේ විවිධ පාර්ශ්ව විසින් සිදු කරනු ලැබුණු කටයුත්තක ප්‍රතිඵලයක් බව ද ඔහු තම සමාජ ජාල ගිණුමේ වීඩියෝවක් මුදා හරිමින් කියා සිටියි.
gossip lanka

Lanka Hot News Advertising

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka