gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka

මන්නාරම – පුනරීන් සුළං විදුලි බලාගාර දෙකට අදානි දැරූ මූලික වියදම් ප්‍රතිපූර්ණය කරන්නැයි රජයට නීති උපදෙස් ලැබිලා… රුපියල් මිලියන 300 සිට 500ක් ගෙවන්න වෙයි!

 
මේ වසර අවසන්වන විට විට ජාතික විදුලිබල පද්ධතියට අවම වශයෙන් මෙගාවොට් 350 ක් එකතු කිරීමේ අපේක්ෂාවෙන් ඩොලර් මිලියන 442ක ආයෝජනයක් ලෙස උතුරු පළාතේ මන්නාරම සහ පූනරින්වල අදානි ග්‍රීන් එනජි සමාගම විසින් ක්‍රියාත්මක කිරීමට යෝජිතව තිබූ සුළං බලාගාර ව්‍යාපෘති දෙකෙන් එම සමාගම ඉවත්වීමෙන් පසු අදාල ව්‍යාපෘති දෙකෙහි මූලික වියදම් වෙනුවෙන් ඔවුන් දැරූ රුපියල් මිලියන 300 සිට 500 දක්වා මුදලක් නැවත එම සමාගමට ගෙවීමට නියමිත බව වාර්තා වේ.

විදුලි මිල නියම කිරීම සම්බන්ධයෙන් වත්මන් රජය සමඟ ඇති වූ මතභේදයකින් පසු ඉන්දියාවේ අදානි ග්‍රීන් එනර්ජි සමාගම ව්‍යාපෘතිවලින් ඉවත් ඉවත් වන බව නිවේදනය කරමින් ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීම සඳහා රට තුළ දරන ලද මූලික වියදම් ආපසු ගෙවන ලෙස මෙම වසරේ මැයි මාසයේදී ලිඛිතව ඉල්ලා සිටියේය. අදානි සමාගම ඉල්ලා සිටියේ සුනිත්‍ය බලශක්ති අධිකාරිය සමඟ එක්ව උක්ත ව්‍යාපෘති දෙකට අදාලව රට තුළ සිදුකළ මූලික පර්යේෂණ සහ විමර්ශන සඳහා දැරූ වියදමය.

ඉන්පසු, බලශක්ති අමාත්‍යාංශයේ ඉල්ලීම පරිදි, ශ්‍රී ලංකාවේ සුනිත්‍ය බලශක්ති අධිකාරිය, ඉන්දියානු සමාගම ඉල්ලා සිටින පරිදි ගෙවීම් කළ යුතුද යන්න පිළිබඳව නීති උපදෙස් ලබා ගත්තේය.

ඉහළ පෙළේ මූලාශ්‍රයක් උපුටා දක්වමින් අද ඩේලි මිරර් වාර්තා කරන්නේ අදානි ග්‍රීන් එනර්ජි සමාගම රට තුළ වියදම් කළ ඇතැම් වියදම් ආපසු ගෙවීම සඳහා ඊයේ නීති උපදෙස් ලැබුණු බවය. ඒ සඳහා ගෙවන්නට සිදුවන මුළු මුදල රුපියල් මිලියන 300 සිට 500 දක්වා පරාසයක පවතින බව ඩේලි මිරර් වාර්තා කරන්නේය.

බලශක්ති බලපත්‍රය සඳහා අදානි විසින් ගෙවන ලද ගෙවීම කුමක් වුවත් ආපසු ගෙවිය යුතු නැති බව සුනිත්‍ය බලශක්ති අධිකාරිය ස්ථිරව ප්‍රකාශ කර තිබේ. කෙසේ වෙතත්, ඉදිරි මාස කිහිපය තුළ නීතිපතිවරයාගේ උපදෙස් ලබා ගැනීමෙන් සහ අධිකාරියේ අධ්‍යක්ෂ මණ්ඩලයේ අනුමැතියෙන් පසුව, නිශ්චිත ප්‍රතිපූරණ ප්‍රමාණය තීරණය කරනු ඇතැයි ද වාර්තා වේ.

උතුරේ එකම පුනර්ජනනීය බලශක්ති ව්‍යාපෘති සඳහා කැඳවීමට නියමිත නව ටෙන්ඩර් සඳහා නිසි ප්‍රතිපූරණයන් නිෂ්කාශනය කිරීමෙන් පසු අදානි සමඟ ඇති සම්පූර්ණ ගනුදෙනුව වසා දමන බවත් ඉන් පසු අවශ්‍ය නම් අදානි සමාගමට යළි ටෙන්ඩර් ක්‍රියාවලියට ද සහභාගී විය හැකි බවත් අභ්‍යන්තර මූලාශ්‍ර හෙලි කර තිබේ.
gossip lanka
 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka