ඇමතිලා වෑකන්දේ දමා වාරිමාර්ගය ඉබියතුරු දාලා!
අනුරාධපුර නුවර වැවේ සංචාරයක් නිමාකර යළි වෑකන්ද මතින් පිටව යෑමට පැමිණි මැති ඇමැති පිරිසක් වෑකන්ද තුළ දමා එහි ගේට්ටු වසා ඉබි යතුරු දමා වසා දැමීම නිසා එම පිරිස දැඩි අපහසුතාවයට පත්ව ඇතැයි වාර්තා වේ.
සංචාරක නියෝජ්‍ය අමාත්‍ය රුවන් රණසිංහ, පාර්ලිමේන්තු මන්ත්‍රී මහාචාර්ය සේන නානායක්කාර උතුරු මැද පළාත් ආණ්ඩුකාර වසන්ත ජිනදාස මහතා ඇතුළු කණ්ඩායමක් එම සංචාරයට එක්ව තිබේ.
අනුරාධපුර දිස්ත්‍රික්කය සංචාරක කේන්ද්‍රස්ථානයක් බවට පත් කිරීමේ අරමුණෙන් රජය විසින් ගෙන යන දැනුවත් කිරීම සඳහා සංචාරක නියෝජ්‍ය අමාත්‍යවරයා ඇතුළු පිරිස අටමස්ථානාධිපති පල්ලේගම හේමරතන නාහිමිපාණන් බැහැ දැක ආශිර්වාද ලබා ගැනීමෙන් අනතුරුව සංචාරක නියෝජ්‍ය අමාත්‍යවරයා ඇතුළු පිරිස නුවර වැවේ නිරීක්ෂණ චාරිකාවකට එක්ව තිබේ.
එහිදී නුවර වැව් බැම්ම හරහා යාමට ඇති මාර්ගය දෙපැත්තෙන් ගේට්ටු දෙකක් දමා වසා ඇති ආකාරය එම පිරිස නිරීක්ෂණය කළහ.
වාරිමාර්ග දෙපාර්තමේන්තුව වැව් බැම්මේ එක් ගේට්ටුවක් විවෘත කිරීමෙන් අනතුරුව සංචාරක නියෝජ්‍ය ඇමතිවරයා ඇතුළු පිරිස වැවේ නිරීක්ෂණ චාරිකාව ආරම්භ කළ අතර නැවත පිටතට යාමට සූදානම් වූ අවස්ථාවේදී එම ගේට්ටු යළි ඉබි යතුරු දමා වසා දැමීම හේතුවෙන් එම පිරිස දැඩි අපහසුතාවයට ලක් වූහ.
ඇමතිලා වෑකන්දේ දමා වාරිමාර්ගය ඉබියතුරු දාලා!
2025-07-07T07:00:00+05:30
Gossip Lanka Hot News






