gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka

ජීවිත ලක්ෂ ගණනක් අනතුරේ.. රකුසු සමාගම රෝහල් සියල්ලම ප්‍රාණ ඇපයට ගනී!

සෞඛ්‍ය අමාත්‍යාංශ ආරංචි මාර්ග පවසන්නේ රජයේ රෝහල්වල රෝගීන්ගේ එක්ස් රේ, සි.ටී. සහ එම්.ආර්.අයි. ස්කෑන් පරීක්ෂා ඇතුළු වෛද්‍ය පරීක්ෂණ දත්ත ගබඩා කරන පද්ධතිය (PACS) පාලනය කරන සේවා සැපයුම් සමාගම රෝගීන්ගේ පෙර ලබාගත් පරීක්ෂණ වාර්තා ඇතුළු වැදගත් දත්ත සඳහා වෛද්‍යවරුන්ට ප්‍රවේශ වීම අවහිර කොට ඇති බවයි.

සෞඛ්‍ය ආරංචි මාර්ග පවසන්නේ මෙම දත්ත ගබඩාව සම්පූර්ණයෙන් ම අදාළ සේවා සැපයුම් සමාගම අත පවතින බවත් රෝගීන්ගේ පැරණි වාර්තා ඇතුළු දත්ත ලබා දෙන සෞඛ්‍ය බලධාරීන් විසින් කිහිප වතාවක් ඉල්ලීම් කළ ද මෙම සමාගම ඒවා ලබා දීමට පියවර නොගැනීම හේතුවෙන් ප්‍රතිකාර කිරීමේදී අදාළ රෝගීන් සම්බන්ධ තීරණ ගැනීමේදී අර්බුදයක් නිර්මාණය වී ඇති බවයි.

මෙරට රජය රුපියල් කෝටි 800කට ආසන්න මුදලක් වැය කොට අදාළ සමාගමෙන් මෙම දත්ත පද්ධති සේවාව ලබාගෙන ඇති අතර ඊට අදාළ මුදල ලබාගෙන ඇත්තේද විදේශ ණයක් ලෙසයි.

රුපියල් ලක්ෂ 10කට ආසන්න මුදලකට මෙරට වෛද්‍යවරුන් විසින් දේශීයව මීට වඩා කාර්යක්ෂම දත්ත පද්ධතියක් ස්ථාපිත කිරීමට ඒ වනවිටත් පියවර ගෙන තිබුණ ද 2016 වසරේදී එවකට සිටි දේශපාලන බල අධිකාරියේ සහ සෞඛ්‍ය අමාත්‍යාංශයේ ඉහළ නිලධාරීන් කිහිප දෙනකුගේ අවශ්‍යතාවට මෙම දත්ත පද්ධති ගනුදෙනුව සිදුව ඇත්තේ අමාත්‍යාංශය විසින් පත් කරන ලද තාක්ෂණ ඇගයීම් කමිටුව මෙන් ම එවකට සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා පවා ප්‍රතික්ෂේප කර තිබූ පසුබිමක බව අමාත්‍යාංශ ආරංචි මාර්ග සඳහන් කරයි.

කෙසේ වුවද වාරික වශයෙන් මෙම සේවා සපයන සමාගමට අදාළ මුදල රජය විසින් ගෙවන ලද අතර ටෙන්ඩර් කැඳවීමකින් තොරව මෙම සමාගමට ලබා දුන් මෙම ගනුදෙනුවට අදාළ ගෙවීම් රජය විසින් පැහැර හැරීම හේතුවෙන් මේ වනවිට වෛද්‍ය වාර්තා ගබඩා කිරීම සහ සන්නිවේදනය කිරීම් අත්හිටුවීමට මෙම සමාගම පියවර ගත්තේ ය.

මෙම අර්බුදය විසඳීම සඳහා සෞඛ්‍ය අමාත්‍යාංශය මේ වනවිට විශේෂඥ කමිටුවක් පත් කර ඇත.

මෙම කමිටුවේ ඇතැම් සාමාජිකයන්ගේ මතය වී ඇත්තේ, මෙම සමාගමේ දත්ත පද්ධතියෙන් සේවාව ලබා ගැනීම නවත්වා යළිත් දේශීයව මෙරට වෛද්‍යවරුන් විසින් නිර්මාණය කරන ලද පද්ධතියේ සේවාව ලබා ගත යුතු  බව ය.

එසේ වුවද මෙම කමිටුවට පත්ව ඇති මෙම පද්ධති ගනුදෙනුව පසුපස සිටි ප්‍රබල නිලධාරියෙකු මේ වනවිට අදාළ සමාගමට හිඟ මුදල් ගෙවා තවදුරටත් එම සමාගම් සේවය ලබා  ගත යුතු බවට අදහස් දැක්වීම හේතුවෙන් මේ සම්බන්ධ තීරණ ගැනීම මෙතෙක් ප්‍රමාද වී ඇති බව සඳහන් වේ.

-MAWBIMA-
gossip lanka
 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka