පවුලේ කෙනෙකු නැතිකමින් චන්දරේට කල්දේරම් බත්!
මේ වනවිට රක්ෂිත බන්ධනාගාරගත කර සිටින හිටපු ඇමැති එස්.එම්. චන්ද්‍රසේන මහතා විසින් පිටතින් ආහාර ලබාගැනීම සඳහා කළ ඉල්ලීම බන්ධනාගාර දෙපාර්තමේන්තුව විසින් ප්‍රතික්ෂේප කර ඇත.
රක්ෂිත බන්ධනාගාරගත කළ රැඳවූවකුට පිටතින් ආහාර ගෙන ඒමට ඉල්ලීමක් කළ යුත්තේ එම රැඳවූවාගේ පවුලේ සාමාජිකයකු වුවද මෙම ඉල්ලීම කර තිබුණේ එස්.එම්. චන්ද්‍රසේන මහතාගේ හිටපු ලේකම්වරයකු විසිනි.
ඔහු පවුලේ සමීපතමයකු නොවන නිසා එම ඉල්ලීම බන්ධනාගාර දෙපාර්තමේන්තුව විසින් ප්‍රතික්ෂේප කර තිබිණි.
ඒ අනුව මෙම ලේකම්වරයා විසින් හිටපු ඇමැතිවරයාගේ පුත්‍රයාගෙන් අත්සන් සහිතව අදාළ ඉල්ලීම සහිත ලිපිය බන්ධනාගාර දෙපාර්තමේන්තුව වෙත අද (07) ලබාදීමට නියමිතව ඇත.
මේ නිසා ඊයේ (06) දිනයේ ද හිටපු ඇමැතිවරයා බන්ධනාගාරයෙන් ලබාදෙන ආහාර කෑමට ගෙන ඇතැයි බන්ධනාගාර ආරංචි මාර්ග කියයි.
කොළඹ රිමාන්ඩ් බන්ධනාගාරය වෙත රැගෙන ආ හිටපු ඇමැති එස්.එම්. චන්ද්‍රසේන මහතා එහි ‘එම්’ වාට්ටුවේ රඳවා ඇති අතර එහි අදී බන්ධනාගාර වෛද්‍යවරු සිදු කළ පරික්ෂාවේදී ඔහු යහපත් සෞඛ්‍ය තත්ත්වයෙන් පසුවූ බවට අනාවරණය වී තිබිණි.
පවුලේ කෙනෙකු නැතිකමින් චන්දරේට කල්දේරම් බත්!
2025-07-07T06:54:00+05:30
Gossip Lanka Hot News






