gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka

අරගල සමයේ රනිල් මූලික මිනිස් අයිතිවාසිකම් කැඩූ බව ශ්‍රේෂ්ඨාධිකරණය තීන්දු කරයි

2022 වසරේ ජූලි මස 17 වන දින එවක වැඩබලන ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් මහජන ආරක්ෂක පනත යටතේ රටපුරා ප්‍රකාශයට පත් කරන ලද හදිසි නීති රෙගුලාසි මගින් මූලික මිනිස් අයිතිවාසිකම් උල්ලංඝනය වී ඇති බවට ශ්‍රේෂ්ඨාධිකරණය අද (ජූලි 23) තීන්දු කර තිබේ.

ත්‍රිපුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ලේ බහුතර විනිසුරුවරුන් තීරණය කර ඇත්තේ, වැඩබලන ජනාධිපති ලෙස රනිල් වික්‍රමසිංහ මහතා මහජන ආරක්ෂක පනතේ 02 වගන්තිය යටතේ නිකුත් කරන ලද හදිසි නීති රෙගුලාසි අත්තනෝමතික මෙන්ම බල ශූන්‍ය බවයි.

අගවිනිසුරු මුර්දු ප්‍රනාන්දු සහ විනිසුරු යසන්ත කෝදාගොඩ යන බහුතර විනිසුරුවරුන් විසින් මෙම තීන්දුව ලබා දී ඇත.

කෙසේ වෙතත්, ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ලේ සාමාජික විනිසුරු අර්ජුන ඔබේසේකර සිය තීන්දුව ප්‍රකාශයට පත් කරමින් සඳහන් කළේ වැඩබලන ජනාධිපතිවරයාගේ හදිසි නීති ප්‍රකාශය තුළින් මූලික මිනිස් අයිතිවාසිකම් උල්ලංඝනය නොවන බවයි.

විකල්ප ප්‍රතිපත්ති කේන්ද්‍රය, ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිසමේ හිටපු කොමසාරිස්වරියක වන අම්බිගා සත්කුණනාදන් සහ ලිබරල් තරුණ ව්‍යාපාරය විසින් මෙම මූලික අයිතිවාසිකම් පෙත්සම් ඉදිරිපත් කර තිබුණි. මෙම තීන්දුවත් සමඟ පෙත්සම්කරුවන්ට නඩු ගාස්තු ගෙවන ලෙසටද රජයට නියම කර ඇත.
gossip lanka
 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka