gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka

වාහන ගෙන්වීම ගැන මහ බැංකු අධිපති කියයි… අවදානමක් ගැන හෙලි කරයි..

මෙරටට වාහන ආනයනය සීමා කිරීමට රජය හෝ මහ බැංකුව මෙතෙක් කිසිදු තීරණයක් ගෙන නොමැති බව ශ්‍රී ලංකා මහ බැංකුවේ අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ මහතා අද (23) ප්‍රකාශ කළේය. මෙම නිවේදනය සිදු කෙරුණේ අද දින මහ බැංකු පරිශ්‍රයේ පැවති මුදල් ප්‍රතිපත්ති විවරණය දැනුම් දීමේ මාධ්‍ය හමුවේදීයි.

“මහ බැංකුවෙන් කිසිම අවධානයක් යොමු වෙලා නැහැ ඒවා සීමා කරන්න. විවෘත කරපු වෙළෙඳපොළ දිගටම විවෘතව පවතීවි. රජයෙත් එහෙම අදහසක් නැහැ. මම දන්න විදිහට එහෙම මම හිතන්නේ නැහැ. මම හිතන්නේ ඇමතිතුමා ප්‍රකාශයක් කරා එහෙම වෙනසක් කරන්නෙ නැහැ කියලා”

කෙසේ වෙතත් මහ බැංකු විසින් බැංකු සහ මූල්‍ය සමාගම් විසින් මෝටර්රථ වාහන සඳහා මූල්‍ය පහසුකම් සැපයීමේ දී අනුගමනය කළ යුතු ක්‍රමවේද යාවත්කාලීන කරමින් නිකුත් කරන ලද නව මාර්ගෝපදේශ සංග්‍රහය ගැන ඔහු මෙසේ පැවසුවේය.

“මේක restrict වෙනවා කියලා බලාපොරොත්තු වෙන්න බැහැ. නමුත් මේක ඇවිල්ලා Macroprudential මහ බැංකුව පැත්තෙන් මුදල් පද්ධතියේ ස්ථායීතාවය සහ ණය ගන්න පුද්ගලයාගේ සහ ණය ගෙවීමේ හැකියාව අනුව ඒ අවධානම තියෙනවා. යම්කිසි ආකාරයක ගැලපීමක් තමයි කරලා තියෙන්නේ මේ අවස්ථාවේ.”
gossip lanka
 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka