gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka

මිහින්තලේ අනුලා චෛත්‍ය මිලියන 300කට විකුණලා!

1921 වසරේදී බ්‍රිතාන්‍ය පාලනය විසින් පුරාවිද්‍යා භුමියක් ලෙස ගැසට් කර ඇති මිහින්තලය, මැදවච්චිය මාර්ගයේ මිහින්තලා පුදබිමෙන් කිලෝමීටර් දෙකක් පමණ උතුරු දෙස පිහිටි චෛත්‍යයක් සහ නටබුන් සහිත භුමියක් මිලියන 300කට විකුනා දමා ඇතැයි මිහින්ත‍ලේ රාජමහා විහාරස්ථානාධිපති පූජ්‍ය වලහා හැංගුනවැවේ ධම්මරතන හිමි චෝදනා කරයි.

මෙම සිදුවීම වර්තමාන රජය පැමිණීමට පෙර සිදුව ඇති බවත් රනිල් වික්‍රමසිංහ සහ විදුර වික්‍රමනායක ඇතුලු කණ්ඩායම විසින් මෙම විකිනීම සිදුකර ඇති බවත් මිහින්ත‍ලේ රාජමහා විහාරස්ථානාධිපති හිමියන් චෝදනා කරයි.

මෙම චෛත්‍යය සුවිශාල ගල්තලාවක් මත පිහිටා ඇති අතර ඒ අවට ගොඩනැඟිලි මෙන්ම සෙල්ලිපිද දක්නට ලැබේ. එහි අනුලා තෙරණියගේ ධාතූන් වහන්සේලා තැන්පත් කර ඇතැයි සඳහන්.

2021 වසරේ අවසන් කාලයේ එහි සංරක්‍ෂණ කටයුතු හිටපු පුරාවිද්‍යා අධ්‍යක්‍ෂ ජනරාල් අනුර මනතුංග මහතාගේ මෙහෙයවීමෙන් ආරම්භ කෙරිණි. එහිදී සිදු කෙරුණු කැණීම් මඟින් අනුලා තෙරණියගේ ධාතූන් වහන්සේ යැයි විශ්වාස කරන ධාතූන් වහන්සේ මෙන්ම එවකට පූජා කරන ලද පූජනීය වස්තූන්, පබළු, කාසි වැනි පුරාවස්තූන්ද සොයා ගනු ලැබීය.

කෙසේවෙතත් වලහා හැංගුනවැවේ ධම්මරතන හිමි චෝදනා කරන්නේ මෙම දාගැබ මේ වනවිට හොර රහසේම තායිවානයට විකුනා දමා ඇති බවයි.

ඒ සම්බන්ධයෙන් උන්වහන්සේ ඊයේ (22) අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණිල්ලක්ද සිදුකිරීමට කටයුතු කළේය.
gossip lanka
 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka