නැවක මෙහෙයුම් රෝදයේ ලාංචනය ධම්මචක්‍රයේ නිරූපණයක් ලෙස වැරදි ලෙස අර්ථකථනය කරගෙන, නැව් රෝදයේ ලාංචනය සහිත ඇඳුම් අයිතමයක් පැළඳීම සම්බන්ධයෙන් අත්අඩංගුවට උසාවියට ඉදිරිපත් කර රක්ෂිත බන්ධනාගාරගත කිරීමට සලස්වා හසලක පොලිසියේ හිටපු ස්ථානාධිපතිවරයා කාන්තාවකගේ මූලික අයිතිවාසිකම් උල්ලංඝනය කර ඇති බව ඊයේ (31) ශ්‍රේෂ්ඨාධිකරණය ප්‍රකාශ කළේය.
ඒ අනුව, හිටපු තම පෞද්ගලික මුදලින් පෙත්සම්කරුට රුපියල් 30,000 ක වන්දියක් ගෙවන ලෙස හිටපු ස්ථානාධිපතිවරයාට ශ්‍රේෂ්ඨාධිකරණය නියෝග කළේය.
අගතියට පත් වූයේ කොළොන්ගොඩ පදිංචිකරුවෙකු වන 47 හැවිරිදි අබ්දුල් රහීම් මසහීනා නම් කාන්තාවකි.
ඇය තම මූලික අයිතිවාසිකම් උල්ලංඝනය කිරීමට සම්බන්ධ වගඋත්තරකරුවන්ට එරෙහිව විමර්ශනය කිරීමට, විනය ක්‍රියාමාර්ග ගැනීමට සහ නඩු පැවරීමට පියවර ගන්නා ලෙස නීතිපතිවරයාට සහ පොලිස්පතිවරයාට නියෝග කරන ලෙස නියෝගයක් ඉල්ලා මෙම පෙත්සම ගොනු කළේය.
පෙත්සම විභාගයට ගත් යසන්ත කෝදාගොඩ, විනිසුරු කුමුදිනී වික්‍රමසිංහ සහ විනිසුරු ශිරාන් ගුණරත්න යන ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මණ්ඩලය ඒකමතිකව තීන්දුව ප්‍රකාශයට පත් කරමින් මෙම මූලික අයිතිවාසිකම් පෙත්සම් විභාගයට අවසර දුන්නේය.
පෙත්සම්කාරිය පවසන්නේ තම ඇඳුමේ ලාංචනය වැරදි ලෙස අර්තකථනය කර තමන් 2019 මැයි 18 සිට 2019 ජුනි 03 දක්වා කාලය තුළ ඇය බදුල්ල බන්ධනාගාරයේ රිමාන්ඩ් භාරයේ තැබූ බවය.
පෙත්සම්කාරිය තවදුරටත් පවසන්නේ ඇගේ ඇඳුම ධම්මචක්‍රයට නොව, නැවක මෙහෙයුම් රෝදයක් නිරූපණය කර ඇති බවත්, “ආගමික විශ්වාසයන් මත ඕනෑම ආගමකට අපහාස කිරීමෙන් ඕනෑම ආගමක ආගමික හැඟීම් අවුස්සන” ආකාරයට හිතාමතා හෝ ද්වේෂ සහගත ලෙස වරදක් කිරීමට, අපහාස කිරීමට හෝ ක්‍රියා කිරීමට ඇයට කිසිදු අදහසක් නොතිබූ බවත්ය.