gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka

යටිනුවර මන්ත‍්‍රී සියදිවි නසාගැනිමට පෙර පොලිස් ලොක්කෙකුට චෝදනා කරමින් ලිපියක් ලියලා!

07.28 වන දින යටිනුවර ප්‍රාදේශිය සභාවේ හිටපු සභාපති වත්මන් එම ප්‍රාදේශිය සභාවේ විපක්ෂ නායක චම්පික නිලන්ත යන අය සිය දිවි නිසා ගැනීම හා ඔහුගේ බිරිඳ සහ දරුවාගේ මරණය සම්බන්ධව කොට්ඨාස භාර නිලධාරි මහනුවරගේ උපදෙස් අනුව ස්ථානාධිපති පේරාදෙණිය විසින් විමර්ශන ආරම්භ කර ඇත.

මෙම මිය ගිය පුද්ගලයා විසින් සියදිවි නසා ගැනීමට පෙර ලියන ලද බවට සැක කරන ලිපියක මුදල් ගණු දෙනුවක් සහ කොට්ඨාස භාර නිලධාරි මහනුවර ද නම සඳහන් වන බවට ස්ථානාධිපති පේරාදෙණිය විසින් කොට්ඨාස භාර නිලධාරියා මහනුවර දැනුවත් කර ඇත.

මේ සම්බන්ධව විද්‍යුත් හා මුද්‍රිත මාධ්‍ය මඟින් මෙන්ම සමාජ මාධ්‍ය මඟින්ද මහනුවර කොට්ඨාස භාර නිලධාරි නම සඳහන් කරමින් පුවතක් සංසරණය වන බවත්, එය නිවැරදි කරන ලෙසට කොට්ඨාස භාර නිලධාරි මහනුවර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි අනුරුද්ධ බණ්ඩාරනායක මහතා විසින් අධ්‍යක්ෂ, පොලිස් මාධ්‍ය කොට්ඨාසය වෙතින් ඉල්ලීමක් කර ඇත.

කොට්ඨාස භාර නිලධාරි මහනුවර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි අනුරුද්ධ බණ්ඩාරනායක මහතා විසින් වැඩිදුරටත් අධ්‍යක්ෂ, පොලිස් මාධ්‍ය කොට්ඨාසය වෙත දන්වා ඇත්තේ, මේ පිළිබඳව ඕනෑම විර්මශන කණ්ඩායමක් යොදවා විමර්ශනයක් සිදු කරන ලෙසට නියෝජ්‍ය පොලිස්පතිතුමා මහනුවර / මාතලේ දිසාව වෙත ලිපියක් යොමු කළ බවත්, මේ සම්බන්ධව ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිතුමා මධ්‍යම පළාත සහ වැඩබලන පොලිස්පතිතුමා ද දැනුවත් කළ බවත්ය.

ඒ අනුව මෙම සිද්ධිය සම්බන්ධව සංසරණය වන පුවත් මඟින් ගෙන හැර දක්වන කරුණු විශ්ලේෂණය කර ඒ සම්බන්ධව ශ්‍රී ලංකා පොලිසිය විමර්ශන ආරම්භ කර ඇති අතර, එහිදී අනාවරණය වන කරුණු අනුව ඉදිරි ක්‍රියාමාර්ග ගැනීමට නියමිතව ඇත.
gossip lanka
 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka