මහනුවර ඇසළ මංගල්‍යයේ පළමු කුඹල් පෙරහරේ ගමන් කළ සහායක ඇත්ගොව්වෙකු ගේ මළ සිරුර මහනුවර වැවේ පාවෙමින් තිබියදී අද (31) පෙරවරුවේ හමුවූ බව පොලීසිය පවසයි. කතරගම දේවාලයට අනුයුක්තව ගනේතැන්න කෙම්පිටිය වලව්වේ මැණිකේ ඇතින්න සමඟ ගමන් කළ සහායක ඇත් ගොව්වා මෙසේ මියගොස් සිටිය දී හමුවී ඇත.
ප්‍රධාන ඇත්ගොව්වා පොලිසියට පවසා ඇත්තේ පෙරහර නිමාවීමෙන් පසු ඇතින්න විවේක ගැන්වීම සඳහා රැගෙන ගිය අවස්ථාවේ සහයක ඇත්ගොව්වා පෙනෙන්ට නොසිටි බවය.
සහායක ඇත් ගොව්වා ලෙස කටයුතු කළ මිය ගිය පුද්ගලයා අරණායක පොල්ලබේගොඩ පදිංචි 28 හැවිරිදි අචලංක නැමැති අයෙකු බව පොලිසිය පවසයි. ඔහුගේ මරණයට හේතුව මෙතෙක් අනාවරණය වී නැත.
සිද්ධිය පිළිබඳව මහනුවර මූලස්ථාන පොලිසිය පරීක්ෂණ පවත්වයි.