gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka

සිර දඬුවම් මදි.. නිලන්ත ජයවර්ධනට මරණ දඬුවම දිය යුතුයි..- කතෝලික සභාව මාධ්‍ය හමුවක (Video)

Jude Krishantha Fernando
ඉරුදින ත්‍රස්ත ප්‍රහාරය සම්බන්ධයෙන් රාජකාරි පැහැර හැරීමට අදාළව සේවයෙන් පහ කිරීමට තීරණය කර ඇති අනිවාර්ය නිවාඩු යවා සිටි රාජ්‍ය බුද්ධි සේවයේ හිටපු අධ්‍යක්ෂ ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති නිලන්ත ජයවර්ධන පිළිබදව අධිකරණ ක්‍රියාමාර්ගද ගත යුතු බව කොළඹ අගරදගුරු පදවි ජන සන්නිවේදන අධ්‍යක්ෂ ජූඩ් ක්‍රිශාන්ත ප්‍රනාන්දු පියතුමන් පවසයි.

තම හැඟීම නම් ඔහුට ජීවිතාන්තය දක්වා සිරදඬුවම නොව මරණ දඬුවම ලබාදිය දීම බවත් පියතුමන් සඳහන් කළහ.

කතෝලික සභාව විසින් කැඳවන ලද ප්‍රවෘත්ති සාකච්ඡාවකදී ඔහු මෙම අදහස්  පළ  කරන  ලදී.

‘බෝම්බ ප්‍රහාරයක් සිදු වෙනවයි කියලා දැනත් මෛත්‍රීපාල සිරිසේන මහත්මයා ආරක්ෂක ඇමති කෙනෙක්වත් පත් කරන්නේ නැතුව සිංගප්පුරුට ගිහිල්ලා ප්‍රහාරය සිද්ධ වෙලා දවසක් විතර ගියාට පස්සේ තමයි ලංකාවට එන්නේ. ප්‍රබල හස්තයකින් මෛත්‍රීපා සිරිසේන මහත්මයාව පාලනය කෙරුවා.

මේ ප්‍රහාරය මේ ආකාරයෙන් සිද්ධ වෙන්නට වටපිටාව සකසන්නට කියලා කවුරුහරි ඔහුට බලපෑම් කළා කියන දේ අපිට ලොකු සැකයක් තියෙනවා.

ඒ කියන්නේ සහරාන්ගේ උවමනාවට විතරක් නෙමෙයි ඊට වැඩිය එහා ගිය මහා බලවන්තයෙකුගේ උවමනාවකට තමයි මෛත්‍රීපාල සිරිසේන මහත්මයා සිංගප්පුරුවට ගිහිල්ලා මේ වගේ කේදනීය තත්ත්වයක් අපේ රටේ ඇතිවෙන්නට ඉඩකඩ සලසා දෙන්නට ක්‍රියාත්මක වුණේ කියන සැක අපිට මතුවෙනවා.

ඒ වගේම අවුරුදු හයක් තිස්ස ජනාධිපතිවරුන් තුන් දෙනෙක්ම මේ වගේ දූෂිත නිලධාරයව ඔහුගේ තනතුරේ තියාගත්තේ ඇයි කියන සැකය අපිට දැන් මතු වෙනවා

ඒ ජනාධිපති ඉවරුන් තුන්දෙනාටම තිබුණා මේ දූෂිත නිලධාරයා ලවා සඟවන්නට තිබුණු රහසක්. එහෙමනම් ඒ රහස මොකක්ද කියලා දැන් හොයන්නට ඕන.

ඒක නිසා මෛත්‍රීලව, ගෝඨාභයව, ප්‍රණිල් වික්‍රම සිංහව ගේන්ඩ අධිකරණයට ගෙනල්ලා මේකේ සුළමුල හොයන්න.

ජනාධිපති කෙනෙක් වුනත් කමක් නෑ. දඬුවන් දීලා ඒ සියල්ල නිව දිආකාරයෙන් සිදු කරන්න”

gossip lanka

under

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka