ඊයේ (20) පස්වරුවේ යාපනය, වඩුක්කෝඩෙයි ප්‍රදේශයෙන් වාර්තා වූ ගැටුමක් හේතුවෙන් පුද්ගලයන් දෙදෙනෙකු පොලිස් අත්අඩංගුවට ගෙන තිබේ. 119 පොලිස් හදිසි ඇමතුම් ඒකකයට ලැබුණු ඇමතුමක් අනුව පොලිසිය සිද්ධිය වූ ස්ථානයට පිටත්ව ගොස් ඇත.
පොලිසිය එම ස්ථානයට ළඟා වන විටත්, එක් පාර්ශ්වයක් විසින් අනෙක් පාර්ශ්වයට අයත් යතුරුපැදියකට ගිනි තබා තිබූ බව අනාවරණය විය.
තත්ත්වය පාලනය කිරීමට උත්සාහ කළ පොලිසියට ද ගල් ප්‍රහාරයක් එල්ල වී ඇති අතර, එය මැඩපැවැත්වීම සඳහා පොලිසියට අහසට වෙඩි තැබීමට සිදු විය.
මූලික විමර්ශනවලදී පොලිසියට දැනගන්නට ලැබී ඇත්තේ, මෙම ගැටුම එම ගම්මානයේ දෙපිරිසක් අතර කලක සිට පැවති ආරවුලක ප්‍රතිඵලයක් බවයි.
සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන ක්‍රියාත්මක වේ.
jaffna police station contact number