gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka

හරක් කටාට ස්වභාවධර්මයෙන් දඬුවම්!

CID භාරයේ රඳවා සිටින, ප්‍රධාන පෙළේ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු සහ සංවිධානාත්මක අපරාධ කල්ලි නායකයෙකු ලෙස සැලකෙන නඳුන් චින්තක හෙවත් ‘හරක් කටා’ චිකුන්ගුන්යා රෝගය වැලඳීමෙන් ප්‍රතිකාර සඳහා කොළඹ ජාතික රෝහලට ඇතුළත් කර ඇති බව පැවසෙයි.

ඔහුගේ තත්වය තරමක් බරපතල බව රෝහල් ආරංචි මාර්ග පවසයි.

ඔහු මේ වනවිට පොලිස් විශේෂ කාර්ය බලකායේ සහ පොලීසියේ දැඩි ආරක්ෂක විධිවිධාන යටතේ කොළඹ ජාතික රෝහලේ 37 වන වාට්ටුවේ නේවාසිකව ප්‍රතිකාර ලබන බව සඳහන්.

වාර්තා වන අන්දමට, ආරක්ෂක හේතූන් මත එම වාට්ටුව සම්පූර්ණයෙන්ම ඔහු වෙනුවෙන් වෙන් කර ඇති අතර, වෙනත් කිසිදු රෝගියෙකු එහි ඇතුළත් කර නොමැත.

මේ අතර, තමාට පෞද්ගලික රෝහලකින් ප්‍රතිකාර ලබා ගැනීමට අවසර ලබාදෙන මෙන් ‘හරක් කටා’ විසින් ආරක්ෂක නිලධාරීන්ගෙන් ඉල්ලීමක් කර ඇති නමුත් බලධාරීන් විසින් එම ඉල්ලීම ප්‍රතික්ෂේප කර ඇති බව දැනගන්නට ඇත.
gossip lanka
 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka