පසුගිය කාලයේ මහත් ආන්දෝලනයට තුඩු දුන් බැඳුම්කර සිද්ධියට අදාළ තොරතුරු වසන් කිරීමට සහ එය යටපත් කිරීමට, මත්පැන් සමාගමකින් කෝටි ගණනින් මුදල් මෙන්ම වෙනත් වරප්‍රසාද ලබාගත් බවට චෝදනා එල්ල වන වත්මන් සහ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් දස දෙනකු සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව (CID) විසින් විමර්ශනයක් අරඹා තිබේ.
විමර්ශනයට ලක්වන මෙම දස දෙනා අතර, සමගි ජන බලවේගයේ කොළඹ දිස්ත්‍රික් මන්ත්‍රීවරයෙකු ඇතුළු විපක්ෂයේ මන්ත්‍රීවරුන් කිහිප දෙනකුද සිටින බව CID ආරංචි මාර්ග තහවුරු කරයි.
CID විසින් අනාවරණය කරගෙන ඇති තොරතුරුවලට අනුව, විපක්ෂයේ ඇතැම් මන්ත්‍රීවරුන් මුලින් බැඳුම්කර සිද්ධිය දැඩිව විවේචනය කර ඇතත්, මත්පැන් සමාගමෙන් මුදල් සහ වෙනත් වරප්‍රසාද ලැබීමෙන් පසු ඔවුන් එම විවේචන අත්හැර දමා නිහඬ ප්‍රතිපත්තියක් අනුගමනය කර තිබේ.
මත්පැන් සමාගම විසින් මෙම මන්ත්‍රීවරුන්ට නිකුත් කර ඇතැයි පැවසෙන චෙක්පත් ගණනාවක් මේ වන විටත් CID භාරයට ගෙන ඇති අතර, එම චෙක්පත් පිළිබඳ පරීක්ෂණ මෑතක සිට නව වටයකින් ආරම්භ කර ඇති බව වාර්තා වේ.
බැඳුම්කර සිද්ධිය පිළිබඳ මුල් විමර්ශන මෙහෙයවනු ලැබුවේ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී ශානි අබේසේකර මහතා විසිනි.
ඔහු එම දෙපාර්තමේන්තුවෙන් ඉවත් කිරීමෙන් පසු විමර්ශන අඩාල වූ අතර, පසුගියදා අබේසේකර මහතා නැවතත් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂවරයා ලෙස පත් කිරීමත් සමඟ මෙම විමර්ශන යළි ක්‍රියාත්මක වී ඇත.