gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka

මහේෂි විජේරත්නගේ දියණිය අල්ලස් කොමිසමට මරණ තර්ජනය කරයි

රිමාන්ඩ් බන්ධනාගාර ගත කර සිටින ශ්‍රී ජයවර්ධනපුර රෝහලේ විශේෂඥ වෛද්‍ය මහේසි සූරසිංහ විජේරත්නගේ දියණිය විසින් විමර්ශන නිලධාරීන්ට මරණ තර්ජන කළ බවට අල්ලස් කොමිසම කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් තනූජා ලක්මාලී ජයතුංග මහත්මියට දැනුම් දුන්නේය.

සැකකාරියගේ දියණිය මෙසේ මරන තර්ජන කළ බව අල්ලස් කොමිසමේ සහකාර නීති අධ්‍යක්ෂ සුලෝචනා හෙට්ටි ආරච්චි මහත්මිය අධිකරණයට කරුණු ඉදිරිපත් කරමින් සඳහන් කළාය.

තම මවට ඇප දෙන්නැයි ජනාධිපති නීතීඥ මෛත්‍රී ගුණරත්න මහතා මගින් මෝසමක් ඉදිරිපත් කරමින් කරුණු ඉදිරිපත් කිරීමට මහේස්ත්‍රාත් අධිකරණයට පැමිණි අවස්ථාවේදී මෙම මරණ තර්ජන කර ඇති බවද හෙට්ටිආරච්චි මහත්මිය වැඩිදුරටත් සඳහන් කළාය.

එම කරුණු සලකා බැලු ප්‍රධාන මහේස්ත්‍රාත්වරිය තර්ජනය කිරීම සම්බන්ධයෙන් කෙසෙල්වත්ත පොලිසියට පැමිණිල්ලක් ඉදිරිපත් කරන ලෙසට අල්ලස් කොමිසමේ නිලධාරීන්ට උපදෙස් දුන්නාය.
gossip lanka
 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka