gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka

එක්නැලිගොඩ ඝාතනය එළියට අදින්න ශානි පෙරමුණ ගනී!

රහසිගතව මාධ්‍යවේදී ප්‍රගීත් එක්නැලිගොඩ පැහැරගෙන අතුරුදන් කිරීමේ සිද්ධියට අදාළ නඩුවේ සාක්ෂිකරුවකු ලෙස අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ වත්මන් අධ්‍යක්ෂ ශානි අබේසේකර නම් කර තිබෙන බව නීතිපතිවරයා ඊයේ  (16) දින කොළඹ ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ලට දැනුම් දී ඇත.

මෙම නඩුවේ ප්‍රධාන විමර්ශන නිලධාරියා මෙන්ම විමර්ශන කටයුතු අධීක්ෂණය කළ ශානි අබේසේකරව සාක්ෂිකරු වශයෙන් නම් කර නොමැති බව අගතියට පත් පාර්ශ්වය වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ උපුල් කුමරප්පෙරුම අධිකරණය හමුවේ ඉල්ලීමක් කරමින් සඳහන් කර සිටියේය. 

ශානි අබේසේකරව සාක්ෂිකරුවකු ලෙස නම් කරන ලෙස 2022 වසරේ නොවැම්බර් මස (29) වනදා තමන් අධිකරණය හමුවේ ඉල්ලීමක් කළ බවත් එය සලකා බලන බවට එවක පැමිණිල්ල වෙනුවෙන් පෙනී සිටි නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල් දිලීප පීරිස් දැනුම් දී තිබූ බවද ඔහු සඳහන් කළේය. 

පැමිණිල්ල වෙනුවෙන් පෙනී සිටි නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල් වසන්ත පෙරේරා අධිකරණයට දන්වා සිටියේ, ශානි අබේසේකර මෙම නඩුවේ 109 වන සාක්ෂිකරු වශයෙන් දැනටමත් නම් කර තිබෙන බවයි.

අනතුරුව වැඩිදුර නඩු විභාගය එළඹෙන (18) වනදා දක්වා කල් තැබුණු අතර අදාළ නඩුව අද නාමල් බලල්ලේ, මහේෂ් වීරමන් සහ සුජීව නිශ්ශංක යන මහත්වරුන්ගෙන් සමන්විත ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ල ඉදිරියේ කැඳවනු ලැබීය.

අදාළ නඩුවේ විත්තිකරුවන් ලෙස ගිරිතලේ යුද හමුදා කඳවුරේ හිටපු අණදෙන නිලධාරී ලුතිනන් කර්නල් ෂම්මි කුමාරරත්න ඇතුළු යුද හමුදා බුද්ධි අංශ සාමාජිකයන් නව දෙනෙකු නම්කර ඇත.
gossip lanka
 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka