පලාත් පාලන ආයතන කීපයක කටයුතු නිසි ලෙස කරගෙන යෑමට දිගින් දිගටම විපක්ෂය බාධා කරන්නේ නම් නිසි ක්‍රියාවලිය අනුගමනය කරමින් එම පළාත් පාලන ආයතන කොමසාරිස් පාලනයට යටත් කිරීමට පසුබට නොවන බව රාජ්‍ය පරිපාලන, පළාත් සභා හා පළාත් පාලන අමාත්‍ය ආචාර්ය චන්දන අබේරත්න ප්‍රකාශ කරයි.
මේ පියවර ගැනීම සඳහා ප්‍රමාද වන්නේ ඒ සඳහා තවත් යම් කාලයක් නෛතිකව ලබා දිය යුතු නිසා බව යැයි පෙන්වා දුන් ඇමතිවරයා මුලින්ම අදාල පළාත් පාලන ආයතනවල ස්වරූපය සම්බන්ධව පලාත් පාලන කොමසාරිස්වරුන් විසින් ආණ්ඩුකාරවරයා වෙත වාර්තාවක් ලබා දිය යුතු බව පෙන්වා දුන්නේය.
අමාත්‍යාංශය ලෙස මේ සම්බන්ධව නීතිපති දෙපාර්තමේන්තුවෙන් මග පෙන්වීමක් ලබා ගත යුතුව ඇති බවත් කි ඇමතිවරයා පළාත් පාලන කොමසාරිස්වරුන් විසින් ලබා දෙන වාර්තාව සම්බන්ධව මාස තුනක් තුළ ආණ්ඩුකාරවරු විසින් විමර්ශනක් කරන බවත් විමර්ශනය කරන කාලය ඇතුළත සභාවෙන් ඉවත්ව ගිය සභිකයින්ගේ ධූරය අත් හිටුවීමේ බලය ආණ්ඩුකාරවරුන්ට ඇති බව පැහැදිලි කළේය.
ආණ්ඩුකාරවරයාගේ විමර්ශනයෙන් පසු මාස තුනක් ඉකුත් වීමට පෙර නිශ්චිතවම මෙම ආයතන පවත්වාගෙන යෑම සඳහා විශේෂ කොමසාරිස්වරයෙක් පත් කර වැඩකටයුතු කරගෙන යෑමේ නෛතික ප්‍රතිපාදන ඇති බව ඇමතිවරයා පෙන්වා දුන්නේය.
ඇමතිවරයා මේ කරුණු අනාවරණය කරන්නේ නිව්ස් ෆස්ට් සමග සාකච්ඡාවකට එක් වෙමිනි. එහිදී ඇමතිවරයා මෙසේ ද කීවේය.
“ගණ පූරණය නොමැතිවන විදිහට ආයතනවලින් එළියට ගිහින් කටයුතු කිරීම පුද්ගල නිදහස කියලා කියන්න පුලුවන්. නමුත් අපි ප්‍රජාතන්ත්‍රවාදී අවකාශය පුලුල් කිරීම කියන අර්ථයෙන් ගන්න විට ඒක ඒ තරම් සාධාරණ නොවන බවයි අපේ හැඟීම. ”
“මොකද ජනතාව මේ බලය දුන්නේ පලාත් පාලන ආයතන පිහිටුවන්න. එක්කො රජය මේ ආයතන පිහිටුවන්න ඕන. ජාතික ජන බලවේගයට බලය දෙන්නේ නැතිනම් ඕනෑම පක්ෂයක් හෝ ස්වාධීන කණඩායමක් ඒ ආයතනවල බලය පිහිටුවලා කටයුතු කරගෙන යන්න ඕන.”
“නමුත් මේ තියන තත්ත්වයත් එක්ක ජනතාවට සේවය සැපයීමේ බාධා මතුවෙලා තියනවා. මේ තත්ත්වය දිගට ගෙනියන්න අපි අපේක්ෂා කරන්නේ නෑ. ඊට අදාල ඉදිරි ක්‍රියාකාරකම් නීත්‍යානුකූලව කරන්න අපි රජය හැටියට මැදිහත් වෙනවා. ”
” යම් නිශ්චිත තීරණයක් ගන්න ගත කළ යුතු අවම කාලසීමාවක් තියනවා. ඒ කාලයෙන් පස්සේ විධිමත්ව ප්‍රජාතන්ත්‍රවාදීව පත් වුන නියෝජිතයන්ගෙන් මේ ආයතන පවත්වාගෙන යන්න නොහැකිනම් අපට වගකීමක් තියනවා ඒ ආයතනවලින් ලබා දිය යුතු සේවය ලබා දෙන්න. ඒ නිසා අප අමාත්‍යාංශය විදිහට, රජය විදිහට පවතින නිතිය අනුව ඒ වගේ තීරණයක් ගන්න පසුබට වෙන්නේ නෑ.