පාස්කු විමර්ශන කැලේ යැවූ තවත් පොලිස් පරීක්ෂකවරයෙක් අත්අඩංගුවට!
පාස්කු ප්‍රහාරයට පෙර සිදුවූ වවුනතිව් පොලිස් නිලධාරීන් දෙදෙනා ඝාතන සිද්ධියේ විමර්ශන නොමග යැවීමේ චෝදනාව මත කන්තලේ වාන්ඇල පොලිසියට අනියුක්ත පොලිස් පරීක්ෂකවරයෙකු CID අත්අඩංගුවට ගෙන තිබේ.
2018 නොවැම්බර් 29 වැනි දින රාජකාරියේ යෙදී සිටි වවුනතිව් පොලිසියට අනුයුක්තව රාජකාරි කළ පොලිස් කොස්තාපල් නිරෝෂණ ප්‍රසන්න උඩුගම සහ කොස්තාපල් ගනේෂ් දිනේෂ් යන දෙදෙනා පොලීසියේ සිට කිලෝමීටර් 1 ½ක පමණ දුරකින් පිහිටි පොලිස් මාර්ග බාධකයේ රාජකාරියේ නිරතව සිටියදී වෙඩිතබා ඝාතනය කර තිබුණා.
පොලිස් කොස්තාපල් නිරෝෂණගේ සිරුර පොලිස් මාර්ග බාධකය අසල පිහිටි මුරකුටියේ ඇඳක් මත තිබියදී සොයාගෙන තිබූ අතර කොස්තාපල් දිනේෂ්ගේ සිරුර මුරපොළ අසල ලණුවකින් ගැටගසා මරාදමා තිබියදීද පොලීසිය විසින් සොයාගනු ලැබුවා.
මෙම ඝාතන සිද්ධිය LTTE සංවිධානය මත පැටවීමට මෙම පොලිස් නිලධාරියා ඇතුලු කණ්ඩායමක් ව්‍යාජ ශාක්ෂි සකස්කර විමර්ශන නොමග යවා ඇති බව මේ වනවිට අනාවරණය වී තිබේ.
වවුනතිව් පොලිස් නිලධාරීන් දෙදෙනා ඝාතනය පාස්කු ප්‍රහාරය සිදු කළ සහරාන් ඇතුලු කණ්ඩායම විසින් සිදුකර තිබූ බව පසුව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අනාවරණය කරගෙන තිබුනි.
පාස්කු විමර්ශන කැලේ යැවූ තවත් පොලිස් පරීක්ෂකවරයෙක් අත්අඩංගුවට!
2025-07-23T09:57:00+05:30
Gossip Lanka Hot News






