ප්‍රකාශිත (kW) ධාරිතාවට වඩා සැබෑ (kW) ධාරිතාව වැඩිවීම පිළිබඳ මතුවී ඇති ගැටලුවක් හේතුවෙන් හේතුවෙන් ශ්‍රී ලංකා රේගුව චීනයේ නිෂ්පාදිත BYD විදුලි වාහන 1,000 කට ආසන්න ප්‍රමාණයක් වරායේ රඳවාගෙන ඇති බව EconomyNext වාර්තා කරයි. මෙම මාසයේ තොග හයකින් ආනයනය කරන ලද වාහන සියල්ලම කිලෝවොට් 100 (kW) මෝටර් ඇති බවට
වත්මන් බදු නීති යටතේ, 100kW විදුලි වාහනයක් ඇස්තමේන්තුගත රුපියල් මිලියන 2.4 ක සෘජු බදු වලට යටත් වේ. එහිම 150kW අනුවාදයක් සඳහා රුපියල් මිලියන 5.4 ක් දක්වා ඉහළ බදු අය කළ හැකිය.
ධාරිතාව නියමිත අගයට වඩා තුනෙන් එකක අඩු අගයකින් ප්‍රකාශයට පත් කිරීම ඉහළ තීරුබදු මග හැරීමේ උත්සාහයක් දැයි රේගුව දැන් විමර්ශනය කරමින් සිටින බව වාර්තා වේ.
විපක්ෂ මන්ත්‍රී මුජිබර් රහ්මාන් පසුගිය සතියේ පාර්ලිමේන්තුවේදී මෙම ප්‍රශ්නය මතු කළේය. ඔහු හෙළිදරවු කළේ BYD ATTO 3 මාදිලියේ අලුත් වාහනයක් සහ භාවිතා කළ වාහනයක් අතර රුපියල් මිලියන 4.5 ක බදු පරතරයක් ඇති බවය.
EconomyNext වාර්තාවට අනුව, BYD වාහන 1,000 කට වඩා දැනටමත් නිෂ්කාශනය කර ධාරිතාව 100kW වර්ගීකරණය යටතේ ගැනුම්කරුවන්ට නිකුත් කර ඇත. සමහර ජාත්‍යන්තර වෙළඳපලවල BYD 100kW අනුවාදයක් ලබා දෙන බව සැබෑ නමුත් සම්මත ATTO 3 වාහනයේ 150kW මෝටරයක් ඇති බව පුළුල් ලෙස දන්නා කරුණක් බව EconomyNext පෙනවා දෙයි .
ශ්‍රී ලංකා රේගුවේ අවසාන තීන්දුවක් බලාපොරොත්තුවෙන් සිටී. වාහන නැවත වර්ගීකරණය කිරීමෙන් ආනයනකරුවන් සඳහා දැඩි තීරුබදු සහ අවසාන පරිශීලකයින් සඳහා අමතර වියදම් පැනවිය හැකි නෛතික අවකාශයක් පවතින බව රේගු ආරංචි මාර්ග පෙන්වා දි තිබේ.
නමුත් ශ්‍රී ලංකා රේගුව හෝ ශ්‍රී ලංකාවේ නිල BYD නියෝජිතයා මෙතෙක නිල ප්‍රතිචාරයක් නිකුත් කර නොමැත.
Sri Lanka Customs detain around 1,000 BYD EVs in motor capacity probe
Sri Lanka Customs has detained around 1,000 Chinese-made BYD electric vehicles in six consignments that arrived in the island over the declaration of motor capacity issue which is used to calculate taxes, official sources said.
byd tax case srilanka