ධුරයේ කටයුතු කිරීම අත්හිටවනු ලැබූ පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතා ඔහුට එරෙහිව ගොනුකර ඇති චෝදනා සඳහා වැරදිකරු බවට ඒ සම්බන්ධයෙන් විමර්ශනය කිරීමට පත්කළ පාර්ලිමේන්තු පරීක්ෂණ කමිටුව තීරණය කර ඇත.
කථානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්න මහතා අද (22) මේ සම්බන්ධයෙන් පාර්ලිමේන්තුවට දැනුම් දුන්නේය.
ඒ අනුව ධුරයේ කටයුතු කිරීම අත්හිටවා ඇති පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් එම ධුරයෙන් නෙරපීම සඳහාකමිටුව නිර්දේශ කර තිබේ.