gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka

අගරදගුරු ගැන බොරු කීවාට බිමල් අත්අඩංගුවට ගන්නැයි රහස් පොලිසි යයි..

 
නව ජනතා පෙරමුණ ප්‍රධාන අනුශාසක පුජ්‍ය වැල්ලම්පිටිය සුමනධම්ම නායක ස්වාමින් වහන්සේ හා නියෝජ්‍ය නායක උපතිස්ස කුමාරතුංග මහතා හා මධ්‍යම කාරක සභික මූල්‍ය ලේකම් දිනුෂ්ක ගුණසේකර මහතා  සභානායක අමාත්‍ය බිමල් රත්නායක කාදිනල් හිමිපාණන් සම්බන්ධයෙන් පාර්ලිමේන්තුවේ දී සිදු කල බරපතල ප්‍රකාශය හෙළා දකිමින් ඔහු වහාම අත්අඩංගුවට ගෙන සත්‍ය තොරතුරු රටට හෙළිකරන ලෙස ඉල්ලා සිටිමින් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂතුමන්ට පැමිණිල්ලක් බාර දෙන ලදී.

එහිදි නව ජනතා පෙරමුණ ප්‍රධාන අනුශාසක පූජ්‍ය වැල්ලම්පිටිය සුමන ධම්ම නායක ස්වාමින් වහන්සේ මෙසේ අදහස් දක්වන ලදී.

පසුගිය ජුලි මස 09 වන දින පාර්ලිමේන්තුවේ පැවැති පාස්කු ප්‍රහාරය පිළිබඳ විවාදයේ දී සභානායක වරයා විසින් මහජන ආරක්ෂක ලේකම් රවි සෙනවිරත්න හා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ ප්‍රධානි ශානි අබේසේකර යන දෙදෙනා එම තනතුරු වලට පත් කරනු ලැබුවේ කාදිනල් හිමිපාණන් ප්‍රමුඛ ප්‍රධාන කතෝලික පූජකතුමන්ලාගේ සහා කතෝලික ප්‍රජාවේ ඉල්ලීම් මත බව රටට ප්‍රකාශ කරන ලදී.

ඒ සම්බන්ධයෙන් 2025 ජුලි මස 20 වන දින නිල නිවේදනයක් නිකුත් කරමින් කාදිනල් හිමිපාණන් වෙනුවෙන් සිරිල් ගාමිණි පියතුමන් අදහස් දක්වමින් මාධ්‍ය ඉදිරියේ ප්‍රකාශ කර සිටියේ එවැනි ඉල්ලීමක් ලිඛිතව හෝ වාචිකව කවර ආකාරයකින් සිදු කර නොමැති බවය. තවද හමුදා පතිතුමන්ට සේවා දිගුවක් ලබා දීම සම්බන්ධව ද කිසිදු ඉල්ලීමක් සිදු කර නොමැති බවය.

සිරිල් ගාමිණි පියතුමන්ගේ මෙම ප්‍රකාශයයෙන් ගම්‍ය වන්නේ උත්තරීතර පාර්ලිමේන්තුවේ සභා නායකවරයා රටේ ජනතාව නොමග යවමින් අසත්‍ය තොරතුරු රටට ප්‍රකාශ කල බවය. එවන් වගකීම් විරහිත ප්‍රකාශ හේතුවෙන් රටේ ආගම් අතර අසමගිතාවයක් මෙන්ම කතෝලික ජනතාව පිළිබඳව අප්‍රසාදයක් හා  අති උතුම් මැල්කම් රංජිත් කාදිනල් හිමිපාණන්ගේ කිර්තීනාමය ද අපකීර්තියට පත් වී ඇත.

මෙවැනි බරපතල ප්‍රකාශ සිදු කරන බිමල් රත්නායක මහතා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තමේන්තුවට කැදවා මෙවැනි ආගම් තුල අසමගිය වර්ධනය වන මෙවැනි ප්‍රකාශ සිදු කලේ ඇයි දැයි විමසිය යුතු බවය . එමෙන්ම බිමල් රත්නායක මහතා තනතුරට පත් වූ දිනයේ සිටම වැඩ කටයුතු සිදු කරන්නේ වගකීම් විරහිතවය. එතුමාට තමා මේ පාර්ලිමේන්තුව තුල වැඩිපුරම චෝදනා එල්ල වී තියෙන්නේ. මේ චෝදනා පටන් ගන්නේ පසුගිය ජනවාරි මාසයේ ඉදලා. නමුත් අද වෙනකම් ඒ පිළිබඳව කිසිදු විමර්ශනයක් නෑ.

කන්ටේනර් වල ගෙනාපු අවි ආයුධ නිදහස් කිරීම මෙන්ම වවුනියාව ගුවන් හමුදා කඳවුර ඉවත් කිරීම පිළිබඳව ද චෝදනා එල්ල වි තියෙන්නේ බිමල් රත්නායකයට.

ඒ නිසා ප්‍රභා කරන්ගේ ආයුධ තිබුන කන්ටේනර් පන්නපු, යුධ මර්මස්තානයක් වු වවුනියාව ගුවන් හමුදා කඳවුරේ ඉඩම් කෑලි කෑලි වලට වෙන් කරලා ඩයස්පෝරාවට බෙදලා දෙන්න හදපු,ආගම් අතර අසමගිය ඇති කිරීමට හදපු බිමල් රත්නායක වහාම අත්අඩංගුවට ගන්නා ලෙස කියා සිටිනවා.   අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව, අල්ලස් හා දුෂණ කොමිෂන් සභාව කටයුතු කරන්නේ ආණ්ඩුවේ න්‍යාය පත්‍රයට විතර නම් අපි ඒ වෙනුවෙන් පෙළ ගැසීලා ඒ ආයතනවලට මහජනතාවගේ ශක්තිය පෙන්වන්න අපි සුදානම් බව තරයේ ප්‍රකාශ කර සිටිනවා.

ඒ සම්බන්ධව ඔහු සිදු කර තිබෙන මෙම ප්‍රකාශය පිළිබඳව ජාතියෙන් සමාව ගතයුතු බවද පූජ්‍ය වැල්ලමිපිටියේ සුමනධම්ම නායක ස්වාමින් වහන්සේ අවසාන වශයෙන් ප්‍රකාශ කර සිටියේය.

-Media unit
gossip lanka
 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka