ඊයේ (21) දින පොලිස් විශේෂ කාර්ය බළකාය මගින් පසුගියදා මහත් ආන්දෝලනයකට තුඩු දුන් ඝාතන සිදුවීමක ප්‍රධාන සැකකරුවෙකු අත්අඩංගුවට ගෙන තිබේ.
පෑලියගොඩ අපරාධ කොට්ඨාසය ලබාදුන් තොරතුරකට අනුව පොලිස් විශේෂ කාර්යබළකාය විසින් කිරිබත්ගොඩ ප්‍රදේශයේදී සිදුකළ මෙහෙයුමකදී සැකකරු අත්අඩංගුවට ගෙන ඇති අතර වැඩිදුර විමර්ශන කටයුතු සඳහා ඔහු පෑලියගොඩ අපරාධ කණ්ඩායම වෙත භාරදී ඇත.
මෙලෙස අත්අඩංගුවට පත්ව ඇත්තේ පසුගියදා පොලිස් නිලධාරීන් යැයි කියමින් කහවත්තේදී තරුණයකු පැහැරගෙන ගොස් මාංචු දමා දණගස්වා හිසට වෙඩි තබා ඝාතනය කිරීමේ සිද්ධියේ ප්‍රධාන සැකකරු බව කියන කුලී ඝාතකයා බව පොලීසිය පවසයි.
හෝමාගම හඳයා නමැති ප්‍රධාන පෙළේ මත්ද්‍රව්‍ය ජාවාරම්කරු විසින් ලබාදුන් රුපියල් ලක්‍ෂ 12ක මුදල් කොන්ත්‍රාත්තුව මත එම ඝාතනය සිදු කර ඇති බව සැකකරුගෙන් ප්‍රශ්න කිරීමේදී අනාවරණය වී තිබේ.
වසර දහඅටක් යුද හමුදා සේවයේ නිරත වී ඉවත්වූ එම සැකකරු තවත් අපරාධ රැසකට සම්බන්ධ බවට විමර්ශනවලදී හෙළිවී තිබේ.
කෙසේවෙතත් පොරොන්දු වූ මුදල හඳයා තමාට ලබානොදුන් බවට සැකකරු පොලිසිය හමුවේ පාපෝච්චාරණය කර ඇත.
කහවත්තේ සිදුවූ මිනිස් ඝාතනය සම්බන්ධයෙන් මීට පෙර සැකකරුවන් සිව් දෙනකු පෑලියගොඩ අපරාධ කොට්ඨාසය විසින් අත්අඩංගුවට ගෙන තිබුණි. ඩුබායි රාජ්‍යයේ සැඟව සිටින හෝමාගම හඳයා සහ අමිත් යන පාතාල අපරාධකරුවන් එම ඝාතනය සැලසුම් කර තිබිණි.
පෑලියගොඩ අපරාධ කොට්ඨාසයේ අධ්‍යක්‍ෂ සහකාර පොලිස් අධිකාරි රොහාන් ඕලුගල මහතාගේ මූලිකත්වයෙන් වැඩිදුර විමර්ශන පැවැත්වෙයි.
කහවත්තේදී මාංචු දමා දණගස්වා හිසට වෙඩි තබා මරා දැමුනු ඉමන්ත සුරංජන නම් තරුණයා,