gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka

හරක්කටාගෙන් මිලියන ගණන් අල්ලස් ගත් බව කියන CID එකේ හිටපු තවත් නියෝජ්‍ය පොලිස්පතියෙක් අත් අඩංගුවට ගන්න අල්ලස් කොමිසම මෙහෙයුම් අරඹලා!

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව භාරව හිටපු තවත් නියෝජ්‍ය පොලිස්පතිවරයෙක් අත් අඩංගුවට ගැනීමට අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිසම මෙහෙයුම් ආරම්භ කර තිබේ. අවුරා ලංකා ආයතනයේ හිමිකරු වූ විජිත් තාඹුගල සහ කුප්‍රකට සංවිධානාත්මක අපරාධකරුවෙක් වූ නඳුන් චින්තක වික්‍රමරත්න හෙවත් “හරක්කටා” ගෙන් රුපියල් මිලියන ගණනින් අල්ලස් ලබා ගැනීම සම්බන්ධ විමර්ශනයකට අදාලව මෙම හිටපු නියෝජ්‍ය පොලිස්පතිරවයා අත් අඩංගුවට ගැනීමට එම කොමිසම කටයුතු කරද්දී ඔහු අල්ලස් කොමිසම මග හරින බව වාර්තා වී ඇත.

මෙම නියෝජ්‍ය පොලිස්පතිවරයා වෙත තමන්ට අල්ලස් දෙන්නට සිදුවූ බව හරක්කටා මෙන්ම අවුරා ලංකා හිමිකරු විජිත් තාඹුලග විමර්ශන අංශ වෙත ප්‍රකාශ ලබා දී තිබුණත් පාතාලය හා ගනුදෙනු කළ බවට පෙර සිටම චෝදනා එල්ල වී තිබුණු මෙම නියෝජ්‍ය පොලිස්පතිවරයා සම්බන්ධව විමර්ශන සිදුකර තිබුණේ නැත.

මින් පෙර අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ හිටපු තවත් නියෝජ්‍ය පොලිස්පතිවරයෙක් අත් අඩංගුවට ගැනීමට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මෙහෙයුම් දියත් කර තිබුණ ද අවස්ථා හතරකදීම ඔහු විමර්ශන අංශ මගහැර ගොස් ඇති බවත් මේ වනවිට ඔහු සැඟවී සිටින බවත් අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිසමට සම්බන්ධ ආරංචි මාර්ග කියයි.
-lankasara
gossip lanka
 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka