තිළිණි ප්‍රියමාලි අත්අඩංගුවට
හෝමාගම අධිකරණයෙහි රාජකාරියෙහි නිරත පිස්කල් නිලධාරීවරයෙකුගේ රාජකාරියට බාධා කිරීම ඇතුළු චෝදනා කිහිපයක් සම්බන්ධයෙන් ව්‍යාපාරිකාවක වන තිළිණි පියමාලි නැමැත්තිය අද (28) දින අත්අඩංගුවට ගත් බව හෝමාගම මූලස්ථාන පොලිසිය පවසයි.
මේ සම්බන්ධයෙන් හෝමාගම මූලස්ථාන පොලිසියට ප්‍රකාශයක් ලබා දෙන ලෙස හෝමාගම මහේස්ත්‍රාත් රජින්ද්‍රා ජයසූරියම් මහත්මිය විසින් ඉකුත්දා නියෝගයක් ද කළාය.
ඒ අනුව අද උදෑසන 9.10 ට පමණ හෝමාගම මූලස්ථාන පොලිසියට පැමිණි සැකකාරිය අත්අඩංගුවට ගත් බව පොලිසිය පවසයි.
(කේ. බුද්ධික කුමාරසිරි)
තිළිණි ප්‍රියමාලි අත්අඩංගුවට
2025-07-28T10:09:00+05:30
Gossip Lanka Hot News






