gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka

බීමතින් රිය පැද්දා කියා වෙදාරච්චි අත්අඩංගුවට ගනී.. බීමත් නැතැයි පරීක්‍ෂණයේදී හෙලිවෙයි… (Video)

තමන් බීමතින් රිය පැදවූ බවට වැරදි ලෙස පොලිසිය විසින් අත්අඩංගුවට ගත් බව විපක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී දිලීප් වෙදආරච්චි මහතා අද පාර්ලිමේන්තුවේදී කියා සිටියේය.
මන්ත්‍රීවරයා කථානායකවරයාගෙන් ඉල්ලා සිටියේ අදාළ පොලිස් නිලධාරීන් කැඳවා පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් සමඟ කටයුතු කළ යුතු ආකාරය පිළිබඳව උපදෙස් ලබා දෙන ලෙසයි.

‘මම විදේශගතව සිටි මගේ පුතාව රැගෙන ගුවන්තොටුපළින් ආපසු එමින් සිටියදී කොටුව පොලිසිය විසින් මාව අත්අඩංගුවට ගත්තා. මට බීමතින් රිය පැදවූ බවට චෝදනා කළා. මාව පොලිස් ස්ථානයට ගෙන ගොස් පරීක්ෂණවලට ලක් කළා. පරීක්ෂණවලින් ඔප්පු වුණා මම මත්පැන් පානය කර නොතිබුණු බව’ වෙදආරච්චි මහතා පාර්ලිමේන්තුවේදී පැහැදිලි කලේය.

මෙම සිදුවීම සම්බන්ධයෙන් අදාළ පොලිස් නිලධාරීන්ට එරෙහිව ක්‍රියාමාර්ග ගන්නා ලෙස ඔහු කථානායකවරයාගෙන් වැඩිදුරටත් ඉල්ලා සිටියේය.

gossip lanka
 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka