කැබ්නට් අනුමැතිය වැව් රක්ෂිත ලකුණු කරන්න විතරයි… ඩඩ්ලිගේ හෝටලේට කරන දේ මං දන්නෑ…! – ඇමති නලින්ද ජයතිස්ස….
රක්ෂිත සලකුණු කිරීම සඳහා වැව් 48ක් හඳුනා ගෙන ඇති අතර ඉන් 23ක කටයුතු 2025 වසරේ සිදු කිරීමට බලාපොරොත්තු වන බව කැබිනට් මාධ්‍ය ප්‍රකාශක, අමාත්‍ය නලින්ද ජයතිස්ස පවසයි. එම වැව් 23 අතර පරාක්‍රම සමුද්‍රය නොමැති බවත් වැව් 48 අතර එය ඇති බවත් හෙතෙම පෙන්වා දෙයි.
කැබිනට් අනුමැතිය හිමිව ඇත්තේ වැව් රක්ෂිත ලකුණු කිරීමට වාරිමාර්ග දෙපාර්තමේන්තුවට බලය සහ අවශ්‍ය ප්‍රතිපාදන ලබා දීමට බවයි, ඔහු සඳහන් කරන්නේ.
එම රක්ෂිතවල ඇත ඉදිකිරීම් කාගේද ඒ පිළිබඳ ගන්නා ක්‍රියාමාර්ග මොනවාද යන්න තමන්ට කිව නොහැකි බව ද නලින්ද ජයතිස්ස ප්‍රකාශ කරයි.
අමාත්‍ය කේ.ඩී. ලාල්කාන්ත කී ආකාරයටම පරාක්‍රම සමුද්‍ර රක්ෂිතයේ ඇති ඩඩ්ලි සිරිසේනට අයත් සුදු අරලියා හෝටලය ඉවත් කරන්නේ දැයි මාධ්‍ය නැගූ පැනයකට පිළිතුරු දෙමින් ඇමතිවරයා මේ බව කීය.
කැබ්නට් අනුමැතිය වැව් රක්ෂිත ලකුණු කරන්න විතරයි… ඩඩ්ලිගේ හෝටලේට කරන දේ මං දන්නෑ…! – ඇමති නලින්ද ජයතිස්ස….
2025-07-22T21:47:00+05:30
Gossip Lanka Hot News






