gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka

ප්‍රීති පද්මන් සූරසේන නව අගවිනිසුරු ධූරයට

ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු ප්‍රීති පද්මන් සූරසේන මහතා නව  අගවිනිසුරුවරයා ලෙස පත් කිරීමට ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා විසින් කෙරුණු  නිර්දේශය ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාව  අද (23) ඒකමතිකව අනුමත කළේය.
ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාව කතානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්න මහතාගේ ප්‍රධානත්වයෙන් පාර්ලිමේන්තු සංකීර්ණයේදී ඊයේ(23) රැස්විය. මේ අනුව ප්‍රීති පද්මන් සූරසේන මහතා මෙරට 49 වැනි අග විනිසුරුවරයා ලෙස ජනාධිපතිවරයා ඉදිරි  ඉදිරි දිනවල දිවුරුම් දෙනු ඇත.
අගවිනිසුරු මුර්දු ප්‍රනාන්දු මහත්මිය ලබන 27 වැනිදා විශ්‍රාම ලබන්නීය.

ඇය ලබන 25 සිකුරාදා ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ සිය සමුගැනීමේ කතාව කිරීමට නියමිතය. ශ්‍රේෂ්ඨාධිකරණයේ සිටින ජ්‍යෙෂ්ඨතම විනිසුරුවරයකු  වන   ප්‍රීති පද්මන් සූරසේන මහතා අධිකරණ සේවා කොමිෂන් සභාවේ සාමාජිකයෙකු  ලෙසද කලක් කටයුතු කළේය.

මෙරට ප්‍රධාන පෙළේ නම ගිය නඩු කටයුතු රැසක විනිසුරුවරයා ලෙස කටයුතු කළේද සූරසේන මහතාය. හෙතෙම පොලිස්පති දේශබන්දු  තෙන්නකෝන් මහතාට එරෙහි චෝදනා විමර්ශන කෙරෙන පාර්ලිමේන්තු ත්‍රිපුද්ගල කමිටුවේ සභාපතිවරයා ලෙසද  කටයුතු කළේය

 (සුජිත් හේවාජුලිගේ සහ  අංජුල මහික වීරරත්න)

Preethi Padman Surasena to be appointed as chief justice

chief justice Preethi Padman Surasena
gossip lanka
 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka