gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka gossip lanka

සංචාරක වීසා මත රටට පැමිණ ගණිකා මඩම්වල, ස්පාවල වැඩ කරන විදේශික කාන්තාවන්ගේ ප්‍රමාණය වැඩි වෙලා… අගමන හා විගමන දෙපාර්තමේන්තුවෙන් හෙළිදරව්වක්!

සංචාරක වීසා මත රට තුළට ඇතුළුවන විදේශීය ජාතික කාන්තාවන් සම්බාහන මධ්‍යස්ථාන, ගණිකා නිවාස, ස්පා ආයතනවල නීති විරෝධී වෘත්තීන්වල යෙදීම ඉතා මෑත කාලය තුළ දී කැපී පෙනෙන ලෙස වැඩිවෙමින් පවතින බවට ශ්‍රි ලංකා ආගමන විගමන බලධාරීහු අනතුරු අඟවා සිටිති. උදාහරණ ලෙස එම බලධාරීන් පෙන්වා දෙන්නේ ආගමන හා විගමන දෙපාර්තමේන්තුවේ විමර්ශන අංශයේ නිලධාරීන් විසින් සඳුදා (ජූලි 14) කොල්ලුපිටිය ප්‍රදේශයේ සම්බාහන මධ්‍යස්ථානයකදී වීසා කොන්දේසි උල්ලංඝනය කිරීම සම්බන්ධයෙන් විදේශීය කාන්තාවන් 10 දෙනෙකු අත්අඩංගුවට ගත් සිදුවීමය.


අත් අඩංගුවට පත් වයස අවුරුදු 25 ත් 39 ත් අතර කාන්තාවන් අතර තායි ජාතික කාන්තාවන් හය දෙනෙකු, වියට්නාම ජාතික කාන්තාවන් තිදෙනෙකු සහ චීන ජාතික කාන්තාවක ද ඇතුළත් වේ.

ඔවුන් සංචාරක වීසා මත ශ්‍රී ලංකාවට ඇතුළු වී ඇති අතර, සිව් දෙනෙකු ඔවුන්ගේ අවසර ලත් රැඳී සිටීමේ කාලය ද ඉක්මවා රැඳී සිටි බව සොයා අනාවරණය කරගෙන ඇත.

ජ්‍යෙෂ්ඨ ආගමන නිලධාරියෙකු පැවසුවේ, නාගරික ස්ථාන කිහිපයක විදේශීය ජාතිකයන් සම්බන්ධ සැක සහිත ක්‍රියාකාරකම් පිළිබඳ තොරතුරු මත ආගමන දත්ත විශ්ලේෂණය කිරීමෙන් පසුව උක්ත වැටලීම සිදු කළ බවයි.

“මෙම පුද්ගලයින් පැහැදිලිවම ඔවුන්ගේ වීසා කොන්දේසි උල්ලංඝනය කර තිබෙනවා. සමහරු සීමාව ඉක්මවා රැඳී ඉඳලා. අනෙක් අය නීති විරෝධී ලෙස වෘත්තීන්වල යෙදිලා. ඔවුන් රැකියා කරලා තිබෙන්නේ ප්‍රධාන වශයෙන් ස්පා සහ රටේ නීතියෙන් කිසිම ඉඩක් නැති ගණිකා මඩම්වල ” නිලධාරියෙක් උපුටා දක්වමින් ඩේලි මිරර් වාර්තා කර තිබේ.

අත්අඩංගුවට ගත් කාන්තාවන් දැනට වැලිසර රැඳවුම් මධ්‍යස්ථානයේ රඳවා සිටින අතර ඉක්මනින් පිටුවහල් කරනු ලබන බව ආගමන විගමන දෙපාර්තමේන්තුව පවසයි.

ආගමන හා විගමන දෙපාර්තමේන්තුව වීසා කොන්දේසි උල්ලංඝනය කරන අනවසර ව්‍යාපාරවල නියැලී සිටින විදේශිකයන් හඳුනා ගැනීම සඳහා වැටලීම් අඛණ්ඩව සිදු කරන බවත්, ඒ අනුව, බස්නාහිර පළාතේ මෙන්ම යාපනය ඇතුළු ද උතුරේ සහ දකුළු ප්‍රදේශවලත් වැටලීම් සිදු සිදුකරන බව එම දෙපාර්තමේන්තුව දන්වයි.

වීසා රෙගුලාසි උල්ලංඝනය කරන විදේශීය ජාතිකයන්ට මෙන්ම ඔවුන්ට සහාය වන අයටත් බරපතල නීතිමය ප්‍රතිවිපාකවලට මුහුණ දෙන්නට සිදුවනු ඇතැයි අගාමන හා විගමන දෙපාර්තමේන්තුව අනතුරු අඟවයි.
gossip lanka

Lanka Hot News Advertising

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka