gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka

ඇමරිකා-ඉන්දියා ගිවිසුමෙන් ලංකාවේ ඇගළුම් හාන්සියි..

ඇමෙරිකා එක්සත් ජනපදය විසින් “අන්‍යෝන්‍ය බදු” ක්‍රමය යටතේ ශ්‍රී ලංකාවට පනවා ඇති 30% ක තීරුබද්ද අඩු කර ගැනීමට ශ්‍රී ලංකාව අපොහොසත් වුවහොත්, ඇමෙරිකානු ඇඟලුම් ගැනුම්කරුවන් අඩු තීරුබදු සහන හිමි වෙනත් රටවල් වෙත යොමු වීමේ අවදානමක් පවතින බව ඇඟලුම් කර්මාන්තයේ නියුතු වෘත්තිකයෝ පෙන්වා දෙති. මෙම 30% ක තීරුබද්ද එළඹෙන ජූලි 1 වැනිදා සිට ක්‍රියාත්මක වීමට නියමිතය.

වර්තමානයේ වියට්නාමයට 20% ක තීරුබද්දක් පනවා ඇති අතර, ඉන්දියාවට 20% ට වඩා අඩු තීරුබද්දක් අපේක්ෂා කෙරේ. ඒ අනුව, ශ්‍රී ලංකාවට පනවා ඇති 30% ක තීරුබද්ද අඩු කර ගැනීමට උපරිම උත්සාහයක් දැරිය යුතු බව ඇඟලුම්කරුවෝ අවධාරණය කරති.

ඉන්දියාව සහ ඇමෙරිකාව අතර ඇති වීමට නියමිත වෙළෙඳ ගිවිසුම හේතුවෙන් ඉන්දියාවට 20% ට වඩා අඩු තීරුබද්දක් පැනවීමට ඉඩ ඇති බවට වාර්තා පළ වී ඇත. එවන් තත්ත්වයක් තුළ, ශ්‍රී ලංකාවේ ඇඟලුම් කර්මාන්තයට ඉන්දියාවෙන් විශාලතම අවදානම එල්ල විය හැකි බව ඇඟලුම් කර්මාන්තයේ පාර්ශවකරුවෝ පවසති.

පසුගිය වසරේ ශ්‍රී ලංකාවේ ඇඟලුම් අපනයන ආදායම ඇමෙරිකානු ඩොලර් බිලියන 4.7 ක් වූ අතර, එයින් 40.04% ක් හෙවත් ඇමෙරිකානු ඩොලර් බිලියන 1.9 ක් ඇමෙරිකාවට සිදු කළ අපනයනවලින් උපයා ඇත.

මෙම වසරේ මුල් මාස 5 තුළ ඇඟලුම් අපනයන ආදායම ඇමෙරිකානු ඩොලර් බිලියන 2 ක් වන අතර, එයින් ඇමෙරිකානු ඩොලර් මිලියන 746.53 ක් ඇමෙරිකානු වෙළෙඳපොළට සිදු කළ අපනයනවලින් හිමි වී ඇත.

ඇමෙරිකාව ශ්‍රී ලංකාවේ ප්‍රධානතම ඇඟලුම් අපනයන වෙළෙඳපොළ වන අතර, එක්සත් රාජධානිය දෙවැනි ප්‍රධාන වෙළෙඳපොළ වේ. පසුගිය වසරේ ඇමෙරිකාව ඇඟලුම් අපනයනවලින් 40.04% ක කොටසක් හිමි කර ගත් අතර, එක්සත් රාජධානිය 14.17% ක කොටසක් හිමි කර ගෙන තිබුණි.

ජනාධිපති ජ්‍යෙෂ්ඨ ආර්ථික උපදේශක දුමින්ද හුලංගමුව මහතා මෑතකදී පැවති මාධ්‍ය හමුවකදී ප්‍රකාශ කළේ, ඇමෙරිකාව මෙරට ප්‍රධාන ඇඟලුම් වෙළෙඳපොළ වන අතර, එය එක රැයින් ආදේශ කළ නොහැකි බවයි.

ඒකාබද්ධ ඇඟලුම් සංසදය විශ්වාස කරන්නේ, ජනාධිපති ට්‍රම්ප් විසින් පනවා ඇති 30% ක තීරුබද්ද ජූලි 1 වැනිදාට පෙර අඩු කර ගැනීමට හැකි වනු ඇති බවත්, එසේ කිරීමට නොහැකි වුවහොත් ඇඟලුම් කර්මාන්තයට අවදානමක් එල්ල විය හැකි බවත්ය.
gossip lanka
 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka