gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka

සනාගේ වියදම් වැඩි ටීම් සිලෙක්ෂන් නිසා ශ්‍රී ලංකා ක්‍රිකට් කබලෙන් ලිපට

ලබන අගෝස්තු මස අග පැවැත්වෙන ශ්‍රී ලංකා ක්‍රිකට් පිලේ සිම්බාබ්වේ සංචාරයට යාම සඳහා ශ්‍රී ලංකා ක්‍රිකට් සංචිත තෝරා ගැනීමට ප්‍රධාන පුහුණුකරු සනත් ජයසූරිය විසින් ලබාදී ඇති වියදම් අධික සැලැසුම් හේතුවෙන් මූල්‍ය අර්බුදයක ගිලී සිටින ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය කබලෙන් ලිපට වැටී ඇතැයි වාර්තා වේ.

එක්දින තරග 2ක් හා විස්සයි-20 තරග 3ක් සඳහා ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩා­යම සිම්බාබ්වේ හා තරග වැදීමට නියමිත අතර මේ තරග සඳහා කණ්ඩායමක් තෝරා ගැනීමට සනත් ජයසූරියගේ යෝජනාවක් මත ශ්‍රී ලංකා ක්‍රිකට් ජාතික සංචිතය කණ්ඩා­යම් 3කට බෙදී විස්සයි-20 තර­ගා­ව­ලි­යක් පැවැ­ත්වී­මට සූදා­නම් කර තිබේ.

අගෝස්තු මස 7 වැනිදා එස්.එස්.සී. පිටියේ පැවැත්වෙන මෙම තර­ගා­ව­ලිය සඳහා ජාතික සංචිතය බ්ලූ, ග්‍රීන් සහ ග්‍රේ යනුවෙන් කොටස්කර තරග පැවැත්වීමට නියමිතය.

එසේම ප්‍රධාන පුහුණුකරු ජයසූරිය ශ්‍රී ලංකා පිල තවත් වියදම් දරා සිම්බාබ්වේ වෙත කලින් ගෙන යාමේ සැලැසුමක්ද ශ්‍රී ලාකා ක්‍රිකට් වෙත ඉදිරිපත් කර ඇතැයි ශ්‍රී ලංකා මිරර් වෙත වාර්තා වේ.

සනත්, හා තේරීම් කමිටුවට සිම්බාබ්වේ යැවීමට කණ්ඩායමක් තෝරා ගැනීමට නොහැකිව ඇත්තේ අන්තර් සමාජ එක්දින හා අන්තර් සමාජ T20 තරගාවලි දෙකක් ආසන්නයේම නිමාවට පත්ව තිබියදීවීම විශේෂිතය.

අන්තර් ක්‍රීඩා සමාජ එක්දින තරගාවලියේ අවසන් තරගය පැවැතියේ ඊයේය (30). එම තරගාවලියට එක් ක්‍රීඩා සමාජයක් තරග 5කට වැඩි ප්‍රමාණයක් ක්‍රීඩා කරනු ලබයි.

එසේම පන්දුවාර විස්සයි-20 අන්තර් සමාජ ක්‍රීඩාවලිය නිමාවට පත්වූයේ ද මීට සති කිහිපයකට පෙරය. එම තරගාවලිය සඳහා ද එක් ක්‍රීඩා සමාජ කණ්ඩායමක් තරග 5කට වැඩි ප්‍රමාණයක් ක්‍රීඩා කරනු ලබයි.

සනත් ප්‍රමුඛ තේරීම් කමිටුව කණ්ඩායමක් තෝරා ගැනීමට මේතරම් තෙපර බාන්නේ එක්දින ශ්‍රේණිගත කිරීම්වල 11 වැනි ස්ථානයේද, පන්දුවාර විස්සයි-20 ශ්‍රේණිගත කිරීම්වල 12 වැනි ස්ථානයේද පසුවන සිම්බාබ්වේ පිල පරාජයට පත් කිරීම සඳහාය.

කෙසේවුවද, ක්‍රිකට් ප්‍රවීණයන් පෙන්වා දෙන්නේ ප්‍රධාන පුහුණුකරු හා තේරීම්කමිටු නොහැකියාවත් මතභේදාත්මක කණ්ඩායම් තේරීම හා තීන්දුත් නිසා පන්දුවාර විස්සයි-20 ශ්‍රේණිගත කිරීම්වල 09 වැනි ස්ථානයේ සිටි බංගලාදේශය වෙතින් ශ්‍රී ලංකාව ලැබූ පරාජය වසා ගැනීමට මෙසේ දතකමින් සිටින බවයි.

මේ අතර, ශ්‍රී ලංකා ක්‍රිකට් හි මූල්‍ය අර්බුදය නිර්මාණය වී ඇත්තේ විගණන වාර්තා නිසි කළට අන්තර් ජාතික ක්‍රිකට් කවුන්සිලයට නොයැවීම නිසා බවද වාර්තා වේ.

එම තත්ත්වය හේතුවෙන් අන්තර් ජාතික ක්‍රිකට් කවුන්සිලය විසින් වාර්ෂිකව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය වෙත ලබාදෙන මුදල් මේ දක්වා නිදහස් කර නොමැති බවද පැවසේ.
gossip lanka
 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka