gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka

වැඩිහිටිකන්දේ පොලිස් මුරපල ඉහලින් ආ අණකින් ඉවත් කරලා..?

කතරගම වැඩසිටිකන්ද පුදබිමේ ආරක්ෂාව සඳහා පිහිටුවා තිබූ පොලිස් මුරපොළ ඉහළින් ආ නියෝගයක් බව පවසමින් 26 වෙනි දින සිට ඉවත් කර ඇතැයි ඇති බවට සමාජ ජාල වල වාර්තා පල වෙයි. එම විහාරාධිපති හීන්ගල ඥානානන්ද හිමි විසින් එම පොලිස් මුරපොළ නැවත ස්ථාපිත කර දෙන ලෙස එහිමියන් ඉල්ලමින් ජනාධිපති අනුර දිසානායක මහතා වෙත ලිපියක් යොමු කර ඇතැයි කියන ලිපියක් එසේ හුවමාරැ වේ.

මෙම පොලිස් මුරපොළ ඉවත් කිරීම මහා අපරාධයක් බවත් එය පා ගමනින් මහා වනය මැදින් පුදබිමට පැමිණෙන බෞද්ධ හින්දු බැතිමතුන්ගේ ආරක්ෂාවට තර්ජනයක් බවත් ලිපියේ දැක්වේ.

මේ අතර පොලිසිය විසින් අදාල වාර්තා ප‍්‍රතික්‍ෂෙප කරමින් නිකුත් කර ඇති නිවේදනයක් මෙසේය.

කතරගම ඓතිහාසික වැඩසිටිකන්ද පුදබිමේ විහාරාධිපති හිමියන් විසින් එම පුදබිමේ ආරක්ෂාව සඳහා ස්ථාපිත කර තිබූ පොලිස් මුරපොලෙහි රාජකාරි නිලධාරීන් ඉවත් කර ඇති බවට සඳහන් කර ගරු ජනාධිපති තුමා වෙත යොමු කරන ලද ලිපියක් මේ දිනවල සමාජ මාධ්‍ය ජාලා ඔස්සේ සංසරණය වෙමින් පවතී.

මේ පිළිබඳව කතරගම පොලිස් ස්ථානාධිපතිවරයා වෙතින් වාර්තාවක් කැදවන ලද අතර ඒ අනුව එම පුවතෙහි කිසිදු සත්‍යතාවයක් නොමැති බවට එමගින් මා වෙත කරුණු වාර්තා කර ඇත.

ඒ අනුව, වැඩසිටිකන්ද පුදබිමෙහි ආරක්ෂාව සඳහා ප්‍රමාණවත් පොලිස් හා යුධ හමුදා නිලධාරීන් පිරිසක් යොදවා එහි ආරක්ෂාව තහවුරු කර ඇති බවත් පුද්ගලානුබද්ධ ආරක්ෂාව නොව ස්ථානයේ හා බැතිමතුන්ගේ ආරක්ෂාව තහවුරු කිරිමට පියවර ගෙන ඇති බවටත් එමගින් මා වෙත වාර්තා කර ඇත.

වැඩ සිටිකන්ද පොලිස් මුරපොලට අනුයුක්තව සිටි අතිරික්ත නිලධාරීන් ඉවත් කර එම නිලධාරීන් කතරගම පොලිස් වසමේ නීතිය හා සාමය ස්ථාපිත කිරීමේ රාජකාරි සදහා යොදවා ඇති අතර එම ලිපියේ සඳහන් පරිදි වැඩසිටිකන්ද පුදබිමේ පොලිස් ආරක්ෂාව පූර්ණ වශයෙන් ඉවත් කර නොමැති බවටද වාර්තා කර ඇත.
-lankacnews
gossip lanka
 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka