මුදල් නොමැතිව චෙක්පත් නිකුත් කරන පුද්ගලයින්ට දඩුවම් නියම කිරීම සඳහා නව නීති සංශෝධනයක් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිත බව අධිකරණ අමාත්‍යාංශය පවසයි. මෙම සංශෝධනවලට අනුව, ප්‍රමාණවත් අරමුදල් නොමැතිව චෙක්පතක් නිකුත් කරන පුද්ගලයෙකුට දඩයක් සහ වසර දෙකක් නොඉක්මවන සිර දඬුවමක් නියම කළ හැකිය.
චෙක්පත බැංකුවට ඉදිරිපත් කර ඇත්තේ මාස හයක් ඇතුළත නම්, චෙක්පත නොගෙවීම සම්බන්ධයෙන් තොරතුරු ලැබී දින 90ක් ඇතුළත චෙක්පතේ ගෙවන්නා හෝ දරන්නා විසින් චෙක්පත නිකුත් කළ තැනැත්තාගෙන් ලිඛිතව මුදල් ඉල්ලා තිබේ නම්, චෙක්පත නිකුත් කළ තැනැත්තා ඉහත සඳහන් ඉල්ලීමෙන් පසු දින 90ක් ඇතුළත මුදල් ගෙවීමට අපොහොසත් වුවහොත් මෙම නීතිමය ප්‍රතිපාදන පහත සඳහන් කොන්දේසි සපුරා ඇත්නම් බල පැවැත්වේ.
මෙම නීතිය, චෙක්පත්වලට ගෙවීම් කිරීමට ප්‍රමාණවත් අරමුදල් නොමැතිව චෙක්පත් නිකුත් කිරීම මෙන්ම, වසා දැමූ ගිණුම්වලින් චෙක්පත් නිකුත් කිරීම සඳහා ද අදාළ වේ.
මෙම සංශෝධන විනිමය අඥාපනතට (Exchange Ordinance) හඳුන්වා දෙනු ලැබේ. යෝජිත සංශෝධන යටතේ, පනවන ලද දඩය චෙක්පතේ වටිනාකමට සමාන මුදලක් වනු ඇත. නඩු පැවරීමේදී, ආපසු පැමිණි චෙක්පපත සාක්ෂි ලෙස සලකනු ලැබේ.
මෙම සංශෝධනවල ප්‍රධාන අරමුණ වන්නේ බැංකු සඳහා වැඩි ආරක්ෂාවක් සැපයීම බවයි.