gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka

සාරා මැරිලා නෑ…. DNA වාර්තාව බොරුවක්! මහජන ආරක්ෂක ඇමති පාර්ලිමේන්තුවට කියයි…

පුලස්තිනී මහේන්ද්‍රන් නොහොත් සාරා ජස්මින්  2019/4/29 දින සයින්දමර්දු ප්‍රදේශයේ දී සිදුවූ ස්වයං ඝාතන බෝම්බ පිපිරීමෙන් මියගිය බවට වූ තොරතුර අතිශය බරපතල සැකකයට ලක්වන බව විමර්ශනවලින්  හෙළි වී ඇතැයි මහ ජන ආරක්ෂක  ඇමති ආනන්ද විජේපාල කීවේය.

“ඩීඑන්ඒ වාර්තා 2ක් කැඳවලා තියනවා. ඒ වාර්තා දෙකේම ඇයගේ සමීපතමයින්ගේ ඩීඑන්ඒ සමග ගැලපෙන්නේ නෑ. තුන්වන අවස්ථාවේ දී එවකට මහජන ආරක්ෂක ඇමති  සරත් වීරසේකර ගේ මැදිහත්වීමෙන් වාර්තාවක් කැඳවා සාරා ජස්මින් මිය ගිය බවට සහතික කරන්න හදනවා.”

” නමුත් ඒ DNA සාම්පල් ලබා ගැනීම සහ DNA පරීක්ෂාව සම්බන්ධව බරපතල සැක කටයුතු හැසිරීම් අනාවරණය වී තිබෙනවා.  මේ බරපතල සිද්ධිය සම්බන්ධව මේ අවස්ථාවේ මේ සභාවට අනාවරණය නොකරන අතර අවශ්‍ය වෙලාවේ දී අධිකරණයට කරුණු ගොනු කරනවා.” ඇමතිවරයා කීවේය.

සාරා ජස්මින් 2019/04/29 දින මිය ගියාද නැද්ද යන්න පිලිබඳව බරපතල ප්‍රශ්නයක් මේ වනවිට මතුවී ඇති තත්ත්වය තුළ ඒ සම්බන්ධව ගැඹුරු විමර්ශනයක් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් සිදුකරමින් තිබෙන්නේ යැයි  ද ඇමතිවරයා පැවසුවේය.
-lankasara
gossip lanka
 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka