gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka

හන්තාන ඉඩම ගැන කීම මගේ වරප‍්‍රසාද උල්ලංඝනයක්..- චමින්ද්‍රාණි කිරිඇල්ල

හන්තාන ප්‍රදේශයේ පිහිටි අක්කර 43 ක ඉඩමක් තම නමට දේශපාලන බලපෑම යොදා නීති විරෝධී ලෙස පවරා ඇති බවට ජාතික ජන බලවේග මන්ත්‍රීවරයෙක් එල්ල කරන යෝජනාව අසත්‍ය සහ පදනම් විරහිත බව සමගි ජන බලවේග පාර්ලිමේන්තු මන්ත්‍රීනී චමින්ද්‍රාණි කිරිඇල්ල මහත්මිය සඳහන් කරයි.

අදාළ චෝදනා සම්බන්ධයෙන් නිවේදනයක් නිකුත් කරමින් ඇය  මෙසේ  කියා  සිටී.

කෝප් කමිටුව ඉදිරියේ, ඉඩම් ප්‍රතිසංස්කරණ කොමිසමට අයත් අක්කර 43ක හන්තාන ඉඩමක් මාගේ නමට, දේශපාලන බලපෑම් යොදා නීති විරෝධී ලෙස පවරා ඇති බවට ජාතික ජන බල වේගයේ මන්ත්‍රිවරයෙක් චෝදනා එල්ල කරන ලදී. ඉන් අන්තුරුව, සමාජ මාධ්‍ය හරහා මේ අසත්‍ය පුවත තව දුරටත් විකෘති කර සංසරණය වෙමින් පවතී.

ප්‍රථමයෙන්, මාගේ වරප්‍රසාද උල්ලංඝනය කරමින්, සත්‍ය තොරතුරු සහ නීතිමය තත්වය අධ්‍යනය නොකර සහ වසන් කරමින් හුදෙක් දේශපාලන වාසි ලබා ගැනීමේ අරමුණින් මාගේ කීර්ති නාමය හානී කිරීමට ගත් උත්සාහය පිළිකුල් සහගතය.

මා හට, ඉඩම් ප්‍රතිසංස්කරණ කොමිසමට හෝ රජයට අයත් වූ කිසිඳු ඉඩමක අයිතියක් නොමැත.

9 වන පාර්ලිමේන්තුවේදී, දැනට බන්ධනාගාර ගතව සිටින මහින්දානන්ද අළුත්ගමගේ හිටපු අමාත්‍ය තුමා, දේශපාලන වාසි ලබා ගැනීම මුල් කර ගෙන, cope කමිටුට මගේ මව වන ශාමේන් මහවලතැන්න කිරිඇල්ල (C Kiriella) මහත්මියට, අවුරුදු 20ක අධික කාලයකට උඩදී, අභියාචනාධිකරණයේ (නඩු අංක 1042/98) එකඟතාවයකට අනුව, නීතිපතිතුමාගේ උපදෙස් සහ අනුමැතියට අනුව හන්තානේ ලැබුනු විකල්ප ඉඩමක් සම්බන්ධයෙන් පැමිණිල්ලක් ඉදිරිපත් කරන ලදී.

මෙහි සත්‍ය කරුණු මෙසේය. එස්.ඩී.මහවලතැන්න වන මාගේ මවගේ මුත්තා රාසගල වත්ත 1896.01.01 දින සීමා සහිත බලංගොඩ වැවිළි සමාගමට අවුරුදු 99 ක බදු දෙන ලදී. එම බදු ගිවිසුම 1994.01.01 දින අවසන් වූ අතර නැවත එය මවගේ පමුලේ සාමාජිකයන් ඇතුළු උරුමක්කාරයන්ට හිමි විය යුතු නමුත්, උරුමක්කාරයන්ගේ අයිතිය නොතකා එවකට රජය එම වත්ත සීමා සහිත බලංගොඩ වැවිළි සමාගමට තව දුරටත් බදු දෙන ලදී.

එම අවස්ථාවේදී රාසගල වත්ත නැවත ලබා ගැනීමට මාගේ මව ඇතුළු රාසගල වත්තේ උරුමක්කාරයන් 1042/98 නඩුව 1998 දී ගොනු කරන ලද අතර අභියාචනාධිකරණයේ එකඟතාවයකට අනුව සහ නීතිපතිතුමාගේ අනුමැතියට අනුව හන්තානේ පිහිටි ඉඩමක් විකල්ප ඉඩමක් වශයෙන් ලබා ගැනීමට මාගේ මව සග පවුලේ සාමාජිකයන් එකග විය.

මෙසේ නඩු තීන්දුවකින් ලැබුණු ඉඩමේ අයිතිය විවේචනය කිරිම අධිකරණයට අපහාස කිරීමක් වන අතර, සත්‍ය විකෘති කිරීමට එරෙහිව ඉදිරියේදී නීතිමය ක්‍රියාමාර්ග ගැනීමට මම බලාපොරොත්තු වෙමි.
gossip lanka
 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka