ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය මේ වන විට විශාල මූල්‍ය අර්බුදයකට මුහුණ පා ඇති බව වාර්තා වේ. විශේෂයෙන් මේ වසර තුළ විදෙස් කණ්ඩායම්වල සංචාර අඩු වීම හා අනවශ්‍ය පත් කිරීම් හා ඉදිකිරීම් සඳහා විශාල වශයෙන් මුදල් වෙන්කිරීම මෙයට ප්‍රබල හේතුවක් බව ශ්‍රී ලංකා ක්‍රිකට් අභ්‍යන්තර ආරංචි මාර්ග අනාවරණය කරයි.
මීට අමතරව ICC මගින් වාර්ෂිකව ලැබෙන දීමනාවද ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ විගණන වාර්තා ලබා දීමේ පමාව හේතුවෙන් ඔවුන් විසින් අත් හිටුවා ඇති බවත් වාර්තා වේ. මෙයද මෙම මූල්‍ය අර්බුදයට තවත් එක් හේතුවක් වී ඇත.
මෙයට පිළියමක් ලෙස මේ මස ඉන්දීය ක්‍රිකට් පිල එක්දින හා විස්සයි විස්ස තරග හයක සංචාරයක් සඳහා මෙහි ගෙන්වා ගැනීමට ඉන්දීය ක්‍රිකට් බලධාරීන් සමග සාකච්ඡාවක් පවත්වා ඇතත් ඉන්දීය ක්‍රීඩකයන් එයට විරුද්ධ වීම නිසා එයද ප්‍රතික්ෂේප වී තිබේ.
වසර අගදී ඩුබායිහි පැවැත්වෙන ආසියානු කුසලාන තරගාවලියෙන් ලැබෙන මුදල් ගැන පමණක් විශ්වාසය තබා බලා සිටීමට ක්‍රිකට් බලධාරීන්ට මේ වනවිට සිදුව ඇති බවද වාර්තා වේ.
මේ අතර ශ්‍රී ලංකා ජාතික කණ්ඩායම්වල ක්‍රීඩක ක්‍රීඩිකාවන්ට ලැබිය යුතු තරග දීමනාද කලකින් ගෙවා නැති බවත් වාර්තා වේ.
ක්‍රිකට් ආයතනයේ සේවක සේවිකාවන් පවසන්නේ ලබන මස ඔවුන්ගේ වැටුප් පවා නොලැබී යන තත්ත්වයක් උදා වී ඇති බවයි.
තත්ත්වය මෙසේ තිබියදී යාපනයේ හා පොල්හේනේ ජාත්‍යන්තර ක්‍රීඩාංගණ හා ඇකඩමි ඉදි කිරීම සඳහා මුදල් ලබා දීමට ජනාධිපතිවරයාටත් මාලිමා රජයේ ක්‍රීඩා ඇමතිවරයාට හා හඳුනෙත්ති ඇමතිවරයාටත් මොවුන් පොරොන්දු ලබා දී ඇත.
ඒවා රජය රැවටීමට ලබා දුන් බොරු පොරොන්දු බව ක්‍රිකට් ආයතන නිලධාරියෙක් පැවසීය
-lankasara