gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka

ජපුර රෝහලේ ස්නායු ශල්‍ය විශේෂඥ වෛද්‍ය මහේෂි විජේරත්න ඇප මත නිදහස්!

ශ්‍රී ජයවර්ධනපුර මහ රෝහලේ විශේෂඥ ස්නායු ශල්‍ය වෛද්‍ය මහේෂි විජේරත්න  කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය විසින් ඇප මත නිදහස් කර ඇත. අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිසම සහ විත්ති පාර්ශ්වයෙන් ඉදිරිපත් කරන ලද කරුණු සලකා බැලීමෙන් පසු, කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් තනුජා ලක්මාලි විසින් විශේෂඥ ශල්‍ය වෛද්‍යවරිය රුපියල් 50,000 ක මුදල් ඇපයක් හා රුපියල් මිලියන 5 බැගින් වූ ශරීර ඇප දෙකක් මත මුදා හැර තිබේ.

ඇප කොන්දේසිවල කොටසක් ලෙස, වෛද්‍යවරියට ශ්‍රී ජයවර්ධනපුර මහ රෝහල් පරිශ්‍රයට ඇතුළුවීම තහනම් කර ඇති අතර විදේශගත වීම ද තහනම් කර ඇත.

ස්නායු ශල්‍ය වෛද්‍ය කටයුතු සඳහා අවශ්‍ය  අයිතම වෛද්‍ය සැපයුම් අංශයෙන් රෝහලවෙත ලබාගෙන  රුපියල් 17500කට රෝගීන්ට  ලබා දිය හැකි පසුබිමක එම අයිතම වාර්ෂික ඇස්තමේන්තුවට ඇතුළත් නොකර තමන් විසින් පාලනය වන බාහිර ආයතනයකින් රෝහලේ තමන් ප්‍රතිකාර කරන රෝගීන්ට රුපියල් එක් ලක්ෂ විසි දහසේ සිට දෙලක්ෂ ලක්ෂ පනස් දහසක් දක්වා මිලකට අලෙවි කිරීමෙන් දූෂණය නැමැති වරද සිදුකර ශ්‍රී ජයවර්ධනපු රෝහලට මෙන්ම රෝගීන්ටත් අගතියක් සිදුකරමින් තමන් හෝ තමන් අනුදත් පාර්ශවයකට අධික ලාභ උපදවාදීම සම්බන්ධව මෙම විශේෂඥ වෛද්‍යවරිය ප්‍රමුඛ තිදෙනෙක් අල්ලස් කොමිසම විසින් අත් අඩංගුවට ගෙන තිබිණි.
gossip lanka
 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka