අන්තර්ජාලය හරහා නිරුවත් ඡායාරූප ප්‍රදර්ශනය කිරීම සම්බන්ධයෙන් ගුරුවරියක කරන ලද පැමිණිල්ලකට අනුව අත්අඩංගුවට ගත් හිඟුරක්ගොඩ අධ්‍යාපන කලාපයේ සහකාර අධ්‍යාපන අධ්‍යක්ෂවරයෙකු පසුගිය සඳුදා (30දා) බකමූණ සංචාරක මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරු අනතුරුව, රුපියල් ලක්ෂ දෙක බැගින් වූ ශරීර ඇප පහක් සහ ළඟම ලේ ඥාතියකුගේ ශරීර ඇපයක් මත නිදහස් කරන ලෙස බකමූණ සංචාරක මහේස්ත්‍රාත්, ඩී.පී.එස්.එම්. කරුණාරත්න නියෝග කළාය.
නමුත් ඇප කොන්දේසි සපුරා ගැනීමට නොහැකි වීම හේතුවෙන් අදාළ සහකාර අධ්‍යාපන අධ්‍යක්ෂවරයා රක්ෂිත බන්ධනාගාරගත කොට තිබේ.
පෙළ ගැසෙන කතාව මෙසේය.
හඟුරක්ගොඩ අධ්‍යාපන කලාපයේ ගුරුවරියකට බකමූණ මධ්‍ය මහා විද්‍යාලයට ස්ථානමාරුවක් ලබාගැනීමට අවශ්‍ය වී ඇත. ඇය හිඟුරක්ගොඩ අධ්‍යාපන කලාපයේ සහකාර අධ්‍යාපන අධ්‍යක්ෂවරයෙකුගෙන් එම ඉල්ලීම සිදුකර ඇත. සහකාර අධ්‍යාපන අධ්‍යක්ෂවරයා ඉල්ලීම ප්‍රතික්ෂේප කර ඇතැයි පැවසේ.
නමුත් සිය ස්ථාන මාරුව ලබා ගැනීම සඳහා ගුරුවරිය දිගින් දිගටම මෙම සහකාර අධ්‍යාපන අධ්‍යක්ෂවරයා සමග සාකච්ඡා කර ඇත. ඒ කතා කරන අතරතුර ඇය සිය නිරුවත් ඡායාරූප ද සහකාර අධ්‍යාපන අධ්‍යක්ෂවරයා වෙත යවා ඇතැයි වාර්තා වේ.
අනතුරුව සහකාර අධ්‍යාපන අධ්‍යක්ෂවරයා එම ඡායාරූප වෙනත් ගුරුවරු පිරිසක් සමග බෙදාගෙන ඇති බව පරීක්ෂණවලදී හෙළිව තිබේ.
මේ පිළිබඳව අදාළ ගුරුවරියට දැනගන්නට ලැබීමෙන් පසු අන්තර්ජාලය හරහා නිරුවත් ඡායාරූප ප්‍රදර්ශනය කිරීම සම්බන්ධයෙන් බකමූණ පොලීසියට පැමිණිලි කර තිබේ.
එම පැමිණිල්ලට අනුව හිඟුරක්ගොඩ අධ්‍යාපන කලාපයේ සහකාර අධ්‍යාපන අධ්‍යක්ෂවරයාව පසුගිය 29 දා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ පරිගණක අපරාධ විමර්ශන ඒකකය විසින් මහනුවර ප්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන තිබුණි.
-මනම්පිටිය නිමල් ජයරත්න
-lankasara