gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka

අනුරාධපුර වෛද්‍යවරිය දූෂණය කළ සැකකරුගෙන් යළිත් අධිකරණයට ඉල්ලීමක්

අනුරාධපුර ශික්ෂණ රෝහලේ පුහුණ විශේෂඥ වෛද්‍යවරියක අතවරයට ලක්කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් යළිත් ප්‍රකාශයක් කිරීමට අධිකරණයේ අවසරය ලබා දෙන්නැයි සැකකාර හිටපු යුද හමුදා සෙබළා කළ ඉල්ලීමක් අනුරාධපුර ප්‍රධාන මහෙස්ත්‍රාත්වරයා ප්‍රතික්ෂේප කර තිබේ.

අධිකරණ වාර්තාකරු පැවසුවේ අදාළ නඩුව කැඳවු අවස්ථාවේ සැකකරුගේ ඉල්ලීම අනුරාධපුර ප්‍රධාන මහෙස්ත්‍රාත්‍ නාලක සංජීව ජයසූරිය මහතා ප්‍රතික්ෂේප කළ බවය.

යළිත් ප්‍රකාශයක් කිරීමට අවසර ලබා දෙන්නැයි සැකකරු අධිකරණයෙන් ඉල්ලා සිටි අවස්ථාවේ ඊට ප්‍රතිචාර දක්වමින් අනුරාධපුර පොලිසියේ ළමා හා කාන්තා කාර්යංශයේ උප පොලිස් පරික්ෂක ඒ. සී. දයානන්ද මහතා පැවසුවේ වින්දිත වෛද්‍යවරියට අපහාස කර ඇය අපහසුතාවයට පත් කිරීමේ අරමුණින් අධිකරණය යොදා ගෙන විවිධ අසත්‍ය ප්‍රකාශ සිදුකිරීමට සැකකරු සැලසුම් සහගතව උත්සහ දරමින් සිටින බවය.

මෙවැනි අසත්‍ය ප්‍රකාශ සිදුකොට ඒ පිළිබඳව මාධ්‍ය ඔස්සේ ප්‍රචාරයක් ලබා ගෙන වින්දිත වෛද්‍යවරිය අපහසුතාවට පත් කිරීමට සැකකරු වේතනාන්විතවම උත්සාහ දරමින් සිටින බවටද උප පොලිස් පරීක්ෂකවරයා සඳහන් කළේය.

මීට පෙරද සැකකරු විවෘත අධිකරණයේදී තමන් වෛද්‍යවරිය දූෂණය කළේ බලහත්කාරයෙන් නොවන බවට මුළුමනින්ම අසත්‍ය ප්‍රකාශයක් සිදුකළ බව උප පොලිස් පරීක්ෂකවරයා අධිකරණය හමුවේ පැවසුවේය.

අධිකරණයේ කාලය නිකරුණේ මිඩංගු කරමින් සැකකරුගේ මෙවැනි ද්වේශ සහගත අසත්‍ය ප්‍රකාශ සඳහා ඉඩ ලබා නොදෙන්නැයිද උප පොලිස් පරීක්ෂකවරයා අධිකරණයෙන් ඉල්ලා සිටියේය.

සැකකාර හිටපු යුද හමුදා සෙබළා විසින් පැහැර ගෙන ගොස් සඟවා තිබියදී පොලීසිය විසින් සොයා ගැණුනු වෛද්‍යවරියට අයත් වටිනා ස්මාර්ට් ජංගම දුරකථනය රජයේ රස පරීක්ෂකවරයා වෙත යවා ඊට අදාළ රස පරීක්ෂක වාර්තාව අධිකරණයට ඉදිරිපත් කරන ලෙස ප්‍රධාන මහෙස්ත්‍රාත්වරයා පොලීසියට නියෝග කර තිබේ.

මෙම අපරාධය සම්බන්ධයෙන් සැකපිට අත්අඩංගුවට ගෙන දැනට රක්ෂිත බන්ධනාගාර ගත කර සිටින හිටපු යුද හමුදා සෙබළා ජූලි මස 29 වන දින දක්වා යළි රිමාන්ඩ් කරන ලෙසටද ප්‍රධාන මහෙස්ත්‍රාත්වරයා නියෝග කළේය.

සැකකාර හිටපු යුද හමුදා සෙබළා ඩී. එන්. ඒ පරීක්ෂණයක් සඳහා ඉදිරිපත් කර ඊට අදාළ වෛද්‍ය  වාර්තාව අධිකරණයට ඉදිරිපත් කරන ලෙසට අනුරාධපුර මූලස්ථාන පොලීසියට මීට පෙර නියෝග කර තිබුණි.

මේ සම්බන්ධයෙන් වැඩිදුර වාර්තාවක් මඟින් අධිකරණය වෙත කරුණු දක්වමින් පොලීසිය පැවසුවේ මෙම අපරාධය සම්බන්ධයෙන් තවදුරටත් විමර්ශන සිදුකෙරෙමින් පවතින බවය.

මෙලෙස යළි රිමාන්ඩ් භාරයට පත් කළේ, ගල්නෑව නව නගරයේ පදිංචි කේ. බී. මධුරංග රත්නායක නැමති සැකකාර හිටපු යුද හුමදා සෙබළා මීට පෙර හඳුනා ගැනීමේ පෙරෙට්ටුවකට ඉදිරිපත් කළ අතර එහිදි පැමිණිලිකාර වින්දිත වෛද්‍යවරිය විසින් ඔහු හඳුනා ගැනිමට සමත් වුණි.
gossip lanka
 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka